April 25, 2024

කැලැන්ඩරේ කටපාඩම්

November 26, 2014
ඉන්දියාවේ ජීවත්වන 8 හැවිරිදි ආර්යන් පරාබ්ට වසර සියගණනක් ඈත අනාගතයේ පවා දින දර්ශනයන්හි දින තිබෙනු ඇත්තේ කෙසේදැයි තත්පර ගණනකදී පවසා සිටීමේ අපූරු හැකියාවක් ඇත.
මේ දිනය මේ අවුරුද්දේ කවර දවසක පිහිටන්නේදැයි ඇසූ විට ‘‘පටස්‘‘ ගා උත්තර දීමට ආර්යන් සමත්ය.තම මිතුරන් ජංගම දුරකථනයන් දිගහැර ඒවායේ ඇති දින දර්ශන වලින් දිනය හා දවස සොයනවාට වඩා වැඩි ඉක්මනින් දිනය හා දවස සොයාදීමට ආර්යන්ට හැකිය.
 
ආර්යන් පවසන්නේ සෑම වසර 11 කටම වරක් දින දර්ශයන්හි දින හා දවස් නැවත වාරයක් වසර 11 කට පෙර තිබූ අවස්ථාව දක්වා පැමිණෙණ බව සොයාගැනීමට හැකිවූ බවයි.
ක්‍රමය සොයාගත්තද ගණක යන්ත්‍රයක් පවා නොමැතිව ආර්යන් දින හා දවස් ගණනය කරන අයුරු පුදුම සහගතය.
 
ආර්යන්ගේ මේ හැකියාවෙන් නිවනක් නැතිවී ඇත්තේ ගෙදර දුරකථනයට බව ඔහුගේ මව කියන්නීය.තම මිතුරියන්ගේ හා අසල්වාසීන්ගේ උපන්දිනයන් එළැඹෙන දවස් ආර්යන් හට නිවැරදිව කිව හැකිවීම නිසා ඒ එකක්වත් නොවරදවා ඔවුන්ට සුභ පැතීමට ආර්යන් තමන්ට බල කරන බව ඇය පවසන්නීය.
 
Rate this item
(0 votes)