April 24, 2024

රටවල දත්ත සොරාගත් මෘදුකාංගයක් ගැන තොරතුරු හෙළි වේ

November 24, 2014
ලොව රටවල දත්ත සොරාගත්ත හැකි දියුණු තාක්ෂණය භාවිත කර නිපදවු පරිගණක මෘදුකාංගයක් පිළිබඳ තොරතුරු සයිමැන්ටක් නැමැති පරිගණක ආරක්ෂණ සමාගම හෙළි කරගෙන තිබෙනවා. මෙම පරිගණක මෘදුකාංගය නම්කර ඇත්තේ රෙජින් ලෙසයි.
 
මෙම පරිගණක මෘදුකාංගයට පරිගණකයකින් මකා දමන ලද තොරතුරු මෙන්ම ඒවාට යොදන රහස්‍ය අංක ඇතුලු තොරතුරු රුසක් සොයාගැනිමේ  හැකියාව පවතිනවා. සයිනමැටික් ආයතනය විසින් පවසන්නේ මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ පුද්ගලයෙකු නොව කිසියම් බලගතු රටක් බවයි. 
 
වසර 6 ක් තිස්සේ ලොව රටවල දත්ත සොරාගැනිම සිදුකර ඇති බව ද ඔවුන් ප්‍රකාශ කරයි.විශේෂයෙන් මෙම මෘදුකාංගය තුළින් සෞදි අරාබිය , රුසියාව වැනි රටවල දත්ත සොරාගෙන ඇති බවයි සයිමැන්ටෙක් ආයතනය ප්‍රකාශ කර සිටියේ. 
 
Rate this item
(0 votes)