April 25, 2024

ජීවත් වෙන්න ජලය අවශ්‍යම නෑ

November 22, 2014
ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයි ද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් සීමා කරගැනීම නොකළ යුතු යැයිද සඳහන් කරමින් බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් නව මතයක් ඉදිරිපත් කරති.
 
ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍ය වන්නේද මැයෙන් අධ්‍යනයක් සිදුකර ඇති ඔවුන් සොයාගෙන තිබෙන්නේ ජලය නොමැති ඇතැම් අවස්ථාවන්හි පවා ජීවය ඇතිව තිබෙන බවයි.
ජීවය ඇතිවීමට අවශ්‍ය වන එන්සයිම ක්‍රියාවලීන් සිදුවීමට මාධ්‍යය සපයන්නේ ජලයයි.
 
එම අධ්‍යනයට අනුව ඉතා අධික උෂ්ණත්වයක් හා අධික පීඩනයක් යටතේ කාබන් මූලද්‍රව්‍යයට ජලය වෙනුවට ආදේශයක් ලෙස ක්‍රියා කරමින් ජීවය ඇතිවීමට පදනම ඇතිකළ හැකි බව සඳහන්ය.
ඉහළ උෂ්ණත්වයන් හා ඉහළ පීඩනයන් හිදී කාබන් වලට වායුමය ගුණත් ද්‍රවමය ගුණත් එකසේ ලැබේ.
 
අධ්‍යනය සිදුකර ඇති විද්‍යාඥයින්ට අනුව මෙසේ කාබන් සම්පූර්ණයෙන්ම වායුවක් හෝ සම්පූර්ණයෙන්ම ද්‍රවයක් හෝ නොවන අවස්ථාවේදී එයට ජීවය ඇතිවීමේ ක්‍රියාවලියට එක්වීමේ හැකියාව පවතී.
මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.
Rate this item
(0 votes)
Last modified on Monday, 24 November 2014 17:28