April 20, 2024

ලෙඩ කියන කාළගුණය

November 21, 2014
සීතල දිනයක් නම් හෘදයාබාධ
2012 වසරේදී ඇමරිකාවේ සිදු කළ අධ්‍යයනයකින් හෙළිවූයේ ශීත සෘතුවේදී හෘදයාබාධ හේතුවෙන් සිදුවන මරණවල වැඩිවීමකුත්, වසන්ත සෘතුවේදී එබඳු මරණවල කැපී පෙනෙන අඩුවීමකුත් සිදුව ඇති බවයි. ශීත කාලගුණික තත්ත්වයේදී රුධිර නාල සාපේක්ෂව වැඩියෙන් හැකිලීමට ලක්වී රුධිර කැටි හට ගැනීමේ ප්‍රවණතාව ඉහළ යන බවට සැලකේ.
 
‍පොතු කබර
අධික ශීතල කාලගුණික තත්ත්වයක් පවතින විට වායුගෝලීය ජල වාෂ්ප ප්‍රතිශතය (ආර්ද්‍රතාව) අඩුවී වියළි ස්වභාවයක් ගන්නා නිසා, සමේ තෙතමනය සාපේක්ෂව වැඩියෙන් බාහිර පරිසරයට උරා ගැනීමක් සිදුවේ. මේ නිසා සම රතුවී, වියළි ‍පොතු ගැලවී යන තත්ත්වයක් ඇතිවිය හැකි අතර ‍පොතු කබර රෝගයෙන් පෙළෙන්නෙකුට මෙබඳු කාලගුණයකදීඑම තත්ත්වය උග්‍ර විය හැක.
 
උණුසුම් දිනයක් නම්
රක්තවාතය
උණුසුම් කාලගුණික තත්ත්වයකදී ශරීරය විජලනයට ලක්වීමේ වැඩි හැකියාවක් ඇති අතර එලෙස විජලනයට ලක්වීම නිසා ශරීරයේ යූරික් අම්ලය වැඩියෙන් නිෂ්පාදනය වේ. යුරික් අම්ලය එලෙස වැඩි ප්‍රතිශතයක් ශරීරයේ එක්රැස්වීම රක්තවාතය හට ගැනීමට හේතුවකි.
 
ස්නායු රෝග
උණ තත්ත්වයකදී උණුසුම් වතුරෙන් ඇඟ සේදීමකදී සිදුවනවාක් මෙන් පරිසර ඌෂ්ණත්වය ඉහළ යාමකදීද මෙවැනි රෝගී තත්ත්වයක් උත්සන්න විය හැක.
 
අකුණු ගැසීම් සහිත දිනයක් නම් ඉරුවාරදය
 
මේ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ අකුණු ගැසීම් නිසා සිදුවන විද්‍යුත් චුම්බක වෙනස්වීම්වල බලපෑම් මගින් ඉරුවාරදය හටගැනීමේ ප්‍රවණතාව 28න් ඉහළ යන බවයි.
 
වැසි දිනයක් නම්
හන්දිපත් රුදාව
වැසි දිනවලදී වායුගෝලීය පීඩනය පවතින්නේ සාපේක්ෂව
අඩු මට්ටමකය. මෙම අඩු පීඩන තත්ත්වයකදී, ශරීරයේ සන්ධි අවට ඇති පේශී පටක ප්‍රසාරණයට ලක්වීම නිසා ස්නායුවලට වැඩි පීඩනයක් එල්ල වීම හේතුවෙන් හන්දිපත් රුදාව (ආතරයිටිස්) තත්ත්වයට උග්‍ර වීමේ හැකියාවක් පවතියි.
Rate this item
(0 votes)