April 24, 2024

බ්‍රිතාන්‍ය ආක්‍රමණය කළ අපේ කෙල්ල

November 18, 2014
ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් ලැබී ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බවයි.
 
තමන් රඟපෑ බොලිවුඩ් චිත්‍රපට නැරඹීමෙන් පසුව එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් තමන්ට ඇරයුම් ලැබුණු බව ජැක්ලින් පවසා මාධ්‍යට කියා සිටියේ.
 
ඇය සඳහන් කළේ, බොලිවුඩ් චිත්‍රපට කෙරෙහි බටහිර රටවල විශේෂ අවධානයක් පවතින ලෙසයි.
 
සල්මන් ඛාන් සමග රඟපෑ Kick චිත්‍රපටයේ සාර්ථකත්වය ඊට බොහෝ දුරට බලපාන්නට ඇතැයි ඇය විශ්වාස කරයි.
 
ඇය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා තමන්ට ඇරයුම් ලැබීම ඇදහිය නොහැකි තරම් සතුටට කරුණක් බව ය.
Rate this item
(1 Vote)
Last modified on Tuesday, 18 November 2014 10:44