April 20, 2024

නිරුවතින් බුරුවෙක් පිටේ ගිය කාන්තාව (වීඩීයෝ)

ඉන්දියාවේ රාජස්ථාන්හි රාජ්සමන්ඩ් ප්‍රදේශයේ ග්‍රාමීය පංචායත් අධිකරණයක් මගින් දුන් තීන්දුවකට අනුව 50 හැවිරිදි කාන්තාවක නිරුවත් කර බූරුවෙකු පිට මත තබා ප්‍රසිද්ධියේ ඇවිද්දවා ඇති බව වාර්තා වේ.

ඇය සිය සැමියාගේ ඥාති සොහොයුරෙකු ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවකට දඬුවමක් ලෙස ‍මෙම දඩුවම ඇයට ලබා දී ඇත.
ඊට අමතරව, ඇයට පොලු මුගුරුවලින් පහර දී ඇති අතර හිසකෙස් ද කපා දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එම කාන්තාව පවසන අන්දමට  මෙම ඝාතනයට ඇය සම්බන්ධ නොවන බවයි ඇය පවසා සිටින්නනේ.
මෙම දඬුවම පිළිබඳව අදාළ කාන්තාවගේ සැමියා සහ පුත්‍රයා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සැකකරුවන් 39 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඉන් 9 දෙනෙකු කාන්තාවගේ ඥාතීන් බව හඳුනාගෙන ඇත.

Rate this item
(0 votes)