April 19, 2024

සිංහයෙක්, වළහෙක් සමග එකට සිටි කොටියෙක්

November 08, 2014
මත් ද්‍රව්‍ය සපයන පුද්ගලයෙකුගේ නිවසක සිර කරගෙන සිටිය දී අප්‍රිකානු සිංහයෙක්, කලු වළහෙක් සහ බෙංගාල කොටියෙක්ගේ දිවි බේරාගෙන තිබේ.
බියට පත්ව, නිරාහාරව සහ රෝගාතුරව මෙම සතුන් කල් ගෙවා තිබේ. මෙම සතුන් රැක බලා ගනු ලබන ස්ථානයට රැගෙනවිත් ආහාර ලබා දී ප්‍රතිකාර ද ලබා දී ඇත.
වර්ග ත්‍රිත්ත්වයක සතුන් තිදෙනෙක් වුව ද මෙම සතුන් තිදෙනා කුඩා කල සිට ම එකට හැදී වැඩී ඇති අතර වසර 13 ක් ඔවුන් එකට ජීවත් ව තිබේ.
වළසාට සිදු කළ සැත්කමක් හේතුවෙන් පමණක් මෙම සතුන් තිදෙනා වෙන් ව ජීවත් ව ඇති බව වාර්තා වේ.
මෙම සතුන් සිර කරනෙ සිටීම හේතුවෙන් ඔවුන් බොහෝ පීඩා විඳ ඇති බවත් එය වළසාගේ කරට දමා තිබූ කර පටිය කරට ඇලී තිබීමෙන් තහවුරු වේ. මෙම සතුන් එකිනෙකා රැක බලා ගැනීමට කටයුතු කරන බවත් එකමුතුකමින් ජීවත්වන බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 November 2014 14:07