April 19, 2024

ජේෂ්ඨ පුවත්පත් කලාවේදී බන්දුල පද්මකුමාර ඉදිරිපත් කරන "සාරවිට" සෑම බ්‍රහස්පතින්දාවකම ඒෂියන් මිරර් ඔස්සේ

ඉරිදා ලක්බිම පුවත්පතේ සමාරම්භ කතෘවරයා ලෙස ශ්‍රී ලාංකීය ජාතික පුවත්පත් කලාවේ පෙරලියක් කළ ජේෂ්ඨ පුවත්පත් කලාවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් සතියේ පුවත්පත් කාටුන් පෙළගස්වමින් ඉදිරිපත් කරන ලද "සාරවිට" වැඩසටහන ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ සෑම බ්‍රහස්පතින්දාවකම විකාශය වේ.

ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කර තිබෙන බන්දුල පද්මකුමාර මහතා ස්වර්ණවාහිනියේ මුල්පිටුව හරහා දිනපතා ජාතික පුවත්පත්වල ඇතුලත් තොරතුරු ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමේ වැඩසටහන හඳුන්වා දීමේ පුරෝගමියාද වේ.

මුද්‍රිත හා විද්‍යුත් යන මාධ්‍ය ක්ෂේත්‍රයන් දෙකේම නොමැකෙන සටහන් තැබීමට සමතෙකු වූ බන්දුල පද්මකුමාර මහතා ජනතාව අතර ගෞරවයට ලක්ව තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 26 July 2020 13:42