March 29, 2024

මාව තමයි හොයන්නේ : පැන ගිය කොරෝනා රෝගියා කියූ කතාව

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම පළා ගිය පුද්ගලයා සොයා ගැනීමට උපකාර කළ කොළඹ ජාතික රෝහලේ සේවකයින් සඳහා පොලිස්පති අරමුදලින් විශේෂ ත්‍යාග මුදල් ලබා දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

මෙම රෝගී පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී අංශය අසලදී පළමුව දැක ඇත්තේ එහි සේවය කරනු ලබන සේවකයින් දෙදනෙකු බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

රෝහල අසල ආපනශාලාවකට යමින් සිටි එම සේවකයින් දෙදෙනාට මෙම කොරෝනා ආසාදිත රෝගියා හමුවී ඇත.

රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා තමන් බව එහිදී එම පුද්ගලයා රෝහල් සේවකයින් දෙදෙනාට ප්‍රකාශ කර තිබෙන අතර එහිදී වහා ක්‍රියාත්මක වූ එම සේවකයින් ඔහුව අසල පිහිටි පදික වේදිකාවේ හිඳුවා රෝහල් බලධාරින්ට සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කොට තිබෙනවා.

රෝහල් බලධාරින් විසින් ඒ සම්බන්ධයෙන් වහාම ආරක්ෂක අංශ වෙත දැනුවත් කොට ඇති අතර ඒ අනුව එම රෝගියා රඳවා තිබු අවට ප්‍රදේශයට සාමාන්‍ය ජනතාවට ඇතුල් වීමට නොහැකිවන පරිදි ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබු බවයි ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුව ආරක්‍ෂිත ඇඳුම ඇද ගත් ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙකු පැමිණ එම රෝගියාට ඇද ගැනීම සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබාදී තිබෙනවා.

පසුව IDH රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයින් පැමිණ පැන ගිය රෝගියා යලි රෝහල කරා රැගෙන ගිය බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම රෝගියා කොළඹ, පිට කොටුවේ කෙලින් වීදියේ සිට ජාතික රෝහලට පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින් වන අතර එහි රියදුරු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කිරිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මේ වන විට පියවර තිබෙනවා.

IDH රෝහලේ සිට මෙම රෝගියා ගැවසුණු ස්ථාන හා ඔහුගේ ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ මේ වන විටත් විමර්ශන සිදුකරමින් සිටිනවා.

Rate this item
(1 Vote)