April 25, 2024

නාමල් ජොන්ස්ටන් පැල සිටුවයි

ඊයේ දින පස්වරු 12.12ට පැල 12ක් සිටවා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පැල දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ සමාරම්භක අවස්ථාවට වරාය හා නාවික කටයුතු,මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ දී පැවැත්විණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද දෙලක්ෂ පනස්දාහකින් ජයග්‍රහණය කිරිම නිමිත්තෙන් මෙම පැල දෙලක්ෂ පනස් දාහක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.මෙම ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 31,000ක් සහභාගී කරවාගෙන ඉදිරියේ දි ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී විය.

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කලාට පසුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල ලක්ෂයක් සිටුවන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පලතුරු,ඖෂධීය ශාක ගෙවතුවල සිටු වීම සිදු කෙරෙනු ඇත.

මෙහි විශේෂත්වය වනුයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පැල සිටවීමේ ව්‍යාපෘතිය ආරම්භ විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 July 2020 13:26