April 24, 2024

මින්නේරියේ නිවුන් අලි උපතක් (PHOTOS)

මින්නේරිය ජාතික උද්‍යානය තුල එකම කෙනරකගෙන් කිරි උරා බොන සහ එම කෙනර ඇසුරේම ගැවසෙන සති 3ක් 4ක් පමණ වයසැති අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි නිලධාරින් විසින් සහ පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටිය විසින් නිරික්ෂණය කර තිබෙනවා.

දීර්ඝ වේලාවක් ඔවුන්ගේ හැසිරීම් රටා නිරික්ෂණය කිරීමෙන් අනතුරුව මෙම පැටවුන් දෙදෙනා නිවුන් සතුන් ලෙස නිගමනය කිරීමට හැකි සාධක ගොනු කරගෙන ඇති බවයි ආචාර්ය සුමිත් පිලපිටිය උපුටා දක්වමින් වනජීවී දෙපර්තමෙන්තුව සඳහන් කළේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය තහවුරු කරගැනීමට ජානමය පරීක්ෂණයක‍්ද සිදුකිරීමට අපේක්ෂිතය.

මින් පෙර අවස්ථාවකදීද ඇත් අතුරු සෙවන වෙත ලැබුණු සතුන් දෙදෙනෙකු සම්බන්ධව මෙවැනි තත්ත්වයක් නිරික්ෂණය වූ නමුත් එය තහවුරු කරගෙන නොමැත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සතුන් නිරික්ෂණය සඳහා විශේෂ ආයාසයක් දැරීමෙන් එම සතුන්ගේ ස්වභාවික චර්යාවන්ට බාධාවන බැවින් එසේ කිරීමෙන් වලකින ලෙසයි.

(ඡායාරූප - ආචාර්ය සුමිත් පිලපිටිය)

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 08 July 2020 09:07