April 24, 2024

සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ ලෝකයේම අවධානය ඉන්දීය සිනමා කර්මාන්තය වෙත යොමුව තිබෙනවා.

විවිධ පුද්ගලයන්ගේ බලඅධිකාරීත්වය යටතේ ඇති සිනමා කර්මාන්තයේ විශේෂ වෙනසක් සිදුවීමට කාළය එළඹ ඇති බවටයි මේ වනවිට ලෝකයේම සිනමා විචාරයකයන් පවසන්නේ.

ඒ පිළිබඳව නව කතිකාවක් ද මේ වනවිට ඇරඹී තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තාකරණ සුශාන්ත් සිං ගේ අතීත ට්විටර් සටහනක් වෙත ඉන්දීය රසික රසිකාවියන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මේ වනවිට ඔහු එලෙස ට්විටර් වෙත එක්කර තිබූ ජීවිත කාලය තුළ සපුරාගත ඔහුගේ සිහිනයන් 50 මෙලෙස සඳහන් වනවා.

1. Learn how to Fly a Plane ✈️  

2. Train for IronMan triathlon ????????‍♂️

3. Play a Cricket Match left-handed ????

4. Learn Morse Code _..

5. Help kids learn about Space. ????

6. Play tennis with a Champion ????

7. Do a Four Clap ???? Push-Up ! (1/6) ...

8. Chart trajectories of Moon, Mars, Jupiter & Saturn for a week

9. Dive in a Blue-hole

10. Perform the Double-Slit experiment

11. Plant 1000 Trees

12. Spend an evening in my Delhi College of Engineering hostel

13. Send ???? KIDS for workshops in ISRO/ NASA

14. Meditate in Kailash

15. Play Poker with a Champ

16. Write a Book

17. Visit CERN

18. Paint aurora borealis

19. Attend another NASA workshop

20. 6 pack abs in 6 months

21. Swim in Cenotes

22. Teach Coding to visually impaired

23. Spend a Week in a Jungle

24. Understand Vedic Astrology

25. Disneyland

26. Visit LIGO. ????

27. Raise a horse ????

28. Learn at least 10 Dance forms ????????????????

29. Work for Free Education ????

30. Explore Andromeda with a Powerful Telescope ????

31. Learn KRIYA Yoga ????‍♂️

32. Visit Antarctica ????????

33. Help train Women in Self-defense ????

34. Shoot an Active Volcano

36. Teach dance to kids

37. Be an Ambidextrous Archer

38. Finish reading the entire Resnick - Halliday physics book

39. Understand Polynesian astronomy

40. Learn Guitar  Chords of my fav. 50 songs

41. Play Chess with a Champion

42. Own a Lamborghini

43 Visit St.Stephen’s Cathedral in Vienna

44 Perform experiments of Cymatics

45 Help prepare students for Indian Defence Forces

46 Make a documentary on Swami Vivekananda

47 Learn to Surf

48 Work in AI & exponential

49 Learn Capoeira

50 Travel through Europe by train

1. ගුවන් යානයක් පියාසරකරවීම ඉගෙනගැනීම

2. අයන්මෑන් තරඟයට පුහුණු වීම

3. වමතින් ක්‍රිකට් ක්‍රිඩා කිරීම

4. මෝර්ස් සංඥා ක්‍රමය ඉගෙන ගැනීම

5. ළමයින්ට අභ්‍යවකාශය ගැන ඉගැන්වීම

6. චැම්පියන් කෙනෙකු සමඟ ටෙනිස් ක්‍රිඩා කිරීම

7. ෆෝ ක්ලැප් පුෂ් අප්ස් පුහුණු වීම

8. චන්ද්‍රයා, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන්ගේ ගමන් මාර්ගය සතියක් තිස්සේ නිරීක්ෂණය කිරීම

9. ගැඹුරු අගාධයක කිමිදීම

10. විද්‍යාත්මක පරීක්ෂණයකට සහභාගි වීම

11. පැල 1000 ක් සිටුවීම

12. දිල්ලියේ ඉංජිනේරු විද්‍යාලයේ නේවාසිකාගාරයේ සැන්දෑවක් ගත කිරීම (ඔහු එහි ඉගෙනගෙන තිබේ)

13. ළමයින් සිය දෙනෙකු නාසා ආයතනයේ වැඩමුළුවලට යැවීම.

14. කෛලාසකූටයේ භාවනා කිරීම

15. චැම්පියන් කෙනෙකු සමඟ පෝකර් සෙල්ලම් කිරීම

16. ජීවයේ කුඩාම අංශු පිළිබඳවත් මහා පරිමාණයෙන් අධ්‍යයනය කළ හැකි ලෝකයේ විශාලතම ආයතනයට යාම (ක්‍ෑඍභ)

17. සුළඟක රැස් වළල්ලක් පාට කිරීම

18. තවත් නාසා වැඩ මුළුවකට සහභාගි වීම

19. පොතක් ලිවීම

20. මාස හයකින් සික්ස් පැක් වර්ධනය කර ගැනීම

21. ගැඹුරු ස්වභාවික වළවල්වල පිහිනීම

22. දෘශ්‍යාබාධිතයන්ට සංඥා භාෂාව ඉගැන්වීම

23. කැලෑවක සතියක් ගත කිරීම

24. වේද ජ්‍යොතිෂය ඉගෙන ගැනීම

25. ඩිස්නිලන්තයට යාම

26. ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට යාම

27. අශ්වයෙකු ඇතිදැඩි කිරීම

28. අඩුම වශයෙන් නැටුම් විලාශ දහයක්වත් ඉගෙන ගැනීම

29. නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් හඬ නැඟීම

30. ප්‍රබල අණ්වීක්ෂයකින් මන්දාකිණිය නැරඹීම

31. ක්‍රියා යෝග ඉගෙන ගැනීම

32. ඇන්ටාර්ටිකාවට යාම

33. කාන්තාවන්ට ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගැන්වීම

34. ක්‍රියාත්මක ගිනි කන්දක් රූගත කිරීම

35. කුඩා දරුවන්ට නැටුම් ඉගැන්වීම

36. දෑතම හුරු දුනුවායෙකු වීම

37. චාලි රෙස්නික් ගේ පොත් මාලාවම එක දිගට කියැවීම

38. පොලිනීසියානු තාරකා විද්‍යාව ඉගෙන ගැනීම

39. ලැම්බෝගිනියක් හිමි කර ගැනීම

40. වියානාවේ ශාන්ත ස්ටෙෆන් දේවස්ථානයට යාම

41. කම්පන තරංග ගැන කෙරෙන පරීක්ෂණයකට සහභාගි වීම

42. ඉන්දියානු ආරක්ෂක හමුදාවට ඇතුළු වෙන්නට සූදානම් වෙන සිසුන්ට උදව් කිරීම

43. කැමති ගීත පනහක ගිටාර් කෝඞ් හැදෑරීම

44. චැම්පියන් කෙනෙකු සමඟ චෙස් ක්‍රීඩා කිරීම

45. ස්වාමි විවේකානන්ද පිළිබඳව වාර්තා චිත්‍රපටියක් සකස් කිරීම

46. මුහුදේ රළ මතු පිට වේගයෙන් ඇදී යන සර්ෆ් ක්‍රීඩාව පුහුණු වීම

47. ගණිත දර්ශක තාක්ෂණය හැදෑරීම

48. කැපොයිරා සටන් ක්‍රමය ඉගෙන ගැනීම

49. යුරෝපය පුරා දුම්රියකින් සංචාරය කිරීම

50. ක්‍රමානුකූලව ගොවිපොළක් පවත්වාගෙන යන්නට ඉගෙන ගැනීම

කෙසේ වෙතත් එම සිහින 50 සැබෑ කිරීම වෙනුවට ඔහු අවසනාවන්ත ලෙස සියදිවි හානිකරගන්නේ කලක් පීඩා විඳි මානසික ආතතිය හේතුවෙන්.

මේ අතර සියදිවි හානිකරගැනීමට තරම් පැහැදිලි වූ හේතුවක් මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකිව ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වර්තාකරන්නේ.

සුශාන්ත් සිං රාජ්පුත් කෙරෙහි ලොවපුරා රසික රසිකාවියන් නිර්මාණය වන්නේ ඉන්දීය සුපිරි පිතිකරු දෝණි ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු චිත්‍රපටය සමඟයි.

Rate this item
(1 Vote)