April 20, 2024

වවුනියාවේ ධීවරයෙකු සමග අවුරුදු 10 ක් අපූරු සබඳතාවයක් ඇති කොකෙක්

අවුරුදු 10 ක් පුරාවට තමන් මසුන් අල්ලන විට සමීපයටම වී මසුන් අල්ලා අවසන් වන තෙක් සිටින අපූරු කොකෙක් වව්නියාව වැවෙන් වාර්තා වෙයි.

වව්නියාව වැවේ මසුන් අල්ලට ටී. සිවානන්දන් නැමති ධීවරයා විසින් පවසා සිටින්නේ තමන් පාරුවේ ගොස් මසුන් අල්ලන විට මෙම කොකා පාරුවට හෝ තමන්ගේ සිරුර මතට නැග කල් ගත කරන බවටත් මසුන් අල්ලා අවසන් වන තුරුම තමන් සමග සිටිනා බවටද එම ධීවරයා පවසයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ටී.සිවානන්දන් ධීවරයා පවසා සිටියේ,

‘මම දැන් අවුරුදු 10 කට වැඩියෙන් මේ වව්නියාව වැවේ මසුන් අල්ලනවා එදා ඉඳලා මේ කොකා මගේ පාරුවට ඉස්සෙල්ලම ඇවිත් ටික ටික මට ලං වෙනවා පසුව මගේ කර මත හෝ හිස මතත් සිටිනවා එහෙම ඉන්න කොට මම අල්ලන මාලුවෙක් දෙන්නෙකුත් කොකාට දෙනවා ඒ හිතවත්කම අනුව මම හැමදාම වැවට බැහැපු ගමන්ම මේ කොකා කොහෙ හරි ඉඳන් බලන් ඉඳලා එනවා මම මාලු අල්ලලා ඉවර වෙලා වැව් බැම්මට නැගපු ගමන් කොකා අපහු ඉගිලිලා යනවා මම එන්නැත්තම් වෙන කව්රුත් ලඟටවත් මේ කොකා යන්නෙත් නැහැ . යනුවෙනි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)