April 25, 2024

ජාත්‍යන්තරය ජය ගත් අපේ රටේ යෞවන හඬවල් (VIDEO)

"The Voice Teen Global" (ද වොයිස් ටීන් ග්ලෝබල්) නම් ලෝක ප්‍රසිද්ධ රියැලැටි තරඟාවලිය ⁣මිලියන සංඛ්‍යාත ලෝක වැසියන් පිරිසකගේ අවධානයට යොමුව ඇති හොඳම ⁣⁣⁣යෞවන ගායක ගායිකාව තෝරන වැඩසටහනකි. එය ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක ක්‍රියාත්මක වෙන වැඩසටහනකි.

මෙය දැන් ශ්‍රී ලංකාව තුළද පැවැත්වෙන අතර මෙරටද ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය මෙම වැඩසටහනට හිමිව තිබේ.

එයට හේතුව වී ඇත්තේ අපේ රටේ සැඟව ගිය අති දක්ෂ යෞවන ⁣යෞවනීයන්ගේ අති දක්ෂ ගීතමය හැකියාව මෙම වැඩසටහන තුළින් ඉස්මතු වීමයි.

මේ ආකාරයට මතු වූ හඬවල් අතරින් ද වොයිස් ටීන් ග්ලෝබල් ජාත්‍යන්තර වැඩසටහන ක්‍රියාත්මක රටවල් අතර මැයි මාසයේ දී ඉදිරිපත් කරන ලද ගායන හැකියාවන් අතර හොඳම ගායනය ඇති යෞවන යෞවනීයන් අතරට ශ්‍රී ලංකාවේ යෞවන ගායිකාවන් දෙදෙනෙකු සහ එක් ගායකයෙකු තෝරාගෙන තිබේ.

මෙම තෝරා ගැනීම කර තිබෙන්නේ ජාත්‍යන්තර වැඩසටහන මඟින් වීමද විශේෂත්වයකි.

මෙලෙස තෝරාගෙන තිබෙන්නේ මධුවී වෛත්‍යලිංගම්, ඉෂිතා ප්‍රේමනාත් සහ කයිල් මරියෝ යන මෙරට යෞවන යෞවනීයන් ය.

Rate this item
(0 votes)