March 29, 2024

සමරිසි වීඩියෝවට සම්බන්ධ තවත් අය ඉන්නවා - කාවින්දගෙන් හෙළිදරව්වක් (VIDEO)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධනගේ යැයි කියමින් අන්තර්ජාලයට මුදා හැර තිබූ සමරිසි වීඩියෝ තමන්ගේ නොවන බවට ඔප්පු වී ඇති බවට කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

මිනිත්තු 45ක කාලයක් ඇති එම වීඩියෝ දර්ශනය විනාඩි 2ක කාලයක් සඳහා සංස්කරණය කර ඇති බව පවසන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ එය දැනට වසර 02කට පමණ පෙර ඉන්දියාවේ දී නිර්මාණය කරන ලද්දක් බවයි. ඒ සියලු තොරතුරු පොලීසිය සතුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙය ඔහුට එරෙහිව කරන ලද දේශපාලන කුමන්ත්‍රණයක් බව පේනවා දෙන කාවින්ද ජයවර්ධන මහතා, මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමට සම්බන්ධයෙන් ඉරාජ්, හරීන් සහ මල්ෂා යන අයද සම්බන්ධ බව සඳහන් කළේය.

මෙම වීඩියෝව මුලින්ම අන්තර්ජාලයට මුදා හැරුණු අවස්ථාවේ කාවින්ද ජයවර්ධන මහතා එම විඩියෝව ඔහුගේ බිරිඳට පෙන්නූ බවත් ඇයත් සමඟම ඒ පිළිබඳව පැමිණි කිරීමට තම බිරිඳ සමඟම ගිය බවද ඔහු ප්‍රකාශ කළේය.

එම පිරිස සමඟ දේශපාලනයේ නිරත වීමක් පමණක් නොව ජීවත් වීම පවා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ පිළිබඳව කළ සාකච්ඡාවක් පහතින්,

Rate this item
(0 votes)