March 28, 2024

රෝගීන්ගේ ජීවිත වෙනුවෙන් තම ශ්‍රද්ධාව කැප කළ ඉන්දියානු වෛද්‍යවරුන් දෙදෙනා

කැනඩාවේ සේවය කරන ඉන්දියානු සික් ජාතික වෛද්‍යවරුන් දෙදෙනෙකු තමන්ගේ ආගමික විශ්වාසයන් රෝගීන්ගේ සුවය වෙනුවෙන්  කැප කර ඇති බව වාර්තා වේ.

සන්ජීට් සහ රජීට් සළුජා සින්ග් නම් මෙම සික් ජාතික වෛද්‍යවරුන් දෙදෙනා කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිතර වී සිටින අතර එහිදී වෛද්‍යරුන්ට පැළැඳීමට ලබා දී ඇති N95 විශේෂිත මුහුණු ආවරණය පැළැඳීමට නොහැකිව තිබුණේ සික් ජාතිකයන්ගේ ආගමික සංකල්පයන් අනුව සියලු සික් ජාතික වැඩිහිටි පිරිමින් රැවුල වැවීම සිදු කළ යුතු නිසයි. රැවුල නිසා මුහුණු ආවරණය නිවැරැදිව පැළැඳීමට නොහැකිය.

සික් ජාතිකයන් දැඩි ආගමික භක්තියෙන් කටයුතු කරන පිරිසකි. නමුත් මෙම වෛද්‍ය සහෝදරවරුන් දෙදෙනා තමන්ගේ ආගමික භක්තිය කැප කරමින් රෝගීන්ගේ යහපත උදෙසා තමන්ගේ රැවුල කපා දැමීමට තීරණය කර තිබුණි.

සන්ජීට් සළුජා සින්ග් තමන්ගේ තීරණය ගැන පවසා තිබුණේ රැවුල තමන්ගේ අනන්‍යතාවයක් බවයි. නමුත් දැන් ඔහු කණ්ණාඩියෙන් දකින්නේ වෙනස්ම පුද්ගලයෙක් බවත් ඔහු කියා තිබුණා. නමුත් COVID-19 නිසා පැමිණෙන රෝගීන් දිහා බලමින් තමන්ට මුකුත් නොකර සිටීමට නොහැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 May 2020 12:12