April 25, 2024

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවුන් පුතුන් දෙදෙනා අධ්‍යාත්මික සුවය සොයා ගිය හැටි

ඕනෑම ක්‍රීඩාවක් පුහුණ කිරීමේ දී මානසික සුවය පිළිබඳව පුහුණු කිරීම වැදගත් කොට සලකයි. ඒ නිසාම බොහෝ ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගේ මානසික සුවය පවත්වාගෙන යාමට වෙනම පුහුණුකරුවෙකු ද සිටි. ක්‍රිකට් කණ්ඩායම්වල මෙය සුවිශේෂිය. පැහැදිළි මනසකින් ක්‍රීඩා කරන විට ඕනෑම ක්‍රීඩාවක් සාර්ථක වීමට ඇති හැකියාව වැඩිය.

පිය උරුමයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හිමි වුණු 23 හැවිරිදි වියේ පසුවෙන දුවිඳු සහ රවිඳු නිවුන් සොහොයුරන් දෙදෙනා මේ වෙද්දී තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමට යොමුව තිබේ. ඒ සුරියවැව, රිදීගම ධම්මගවේශි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ය. ධර්මය පිළිබඳව මනාව අවබෝධයක් ඇති දුවිඳු සහ රවිඳු ඒ අනුව තමන්ගේ ජීවිතද හරි අපුරුවට හැඩ කරගෙන තිබුණි.

තමන්ගේ ආධ්‍යාත්මික සුවය තමන්ගේ සැහැල්ලු මනස තමන්ගේ ක්‍රීඩා දිවියටද යොදාගන්න මේ අපුරු සොහොයුරන් දෙදෙනාටම හැකිව තිබේ. දුවිඳු තිලකරන්ත කියා සිටියේ ඔහු තරඟ 05ක දී කඩුළු 38ක් ලබා ගත් බවයි, දුවිඳු ඒ ගැන වැඩි දුරටත් පවසමින් කියා සිටියේ ක්‍රීඩාව පුහුණ වීම තුළින් වගේම අධ්‍යාත්මික සුවයෙන් ලැබූ පුහුණුවත් නිසා තමන්ට ක්‍රීඩාව කෙරෙහි හොඳ අවධානයක් යොමු කරන්න හැකි  වුණු බවයි.

කොරෝනා වසංගතයට නිසා නිවසට වී සිටියත් තමන් පියා වූ හෂාන් තිලකරත්න සමඟ ක්‍රිකට් පුහුණු වෙමින් ද ඉතිරි සෑම අවස්ථාවකම අධ්‍යාත්මික සුවය විඳිමන්ද මේ සොහොයුරන් දෙදෙනා කාලය ගත කරන්නේ තමන්ගේ බාල සොහොයුරාද එයට යොමු කරගනිමිනි.

අධ්‍යාත්මික සුවය සොයා ගෙන යාම පිළිබඳව බොහෝ දෙනා වැරදි මතයක සිටින බවද රවිඳු තිලකරත්න කියා සිටි. ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමට සියලු දේ අත්හැර යාමට අවශ්‍ය නොවන බව පවසන ඔහු කියා සිටියේ එදිනෙදා තමන්ගේ ජීවිතයේ වැඩ කරන ගමන් ධර්මයේ හැසිරෙමින් තමන්ගේ ආධ්‍යාත්මික සුවය විඳ ගැනීමට හැකි බවයි. දුවිඳු ඉල්ලා සිටින්නේ බුදුන් වහන්සේගෙන් හිමි වූ සැබෑ සතුට විඳ ගැනීමට මේ හොඳම වෙලාව බවයි, ඒ සඳහා සියලු දෙනාම යොමුවෙන ලෙසද ඔහු ඉල්ලා සිටියා.

මෙම සොහොයුරන්ගේ මව වන අප්සරා තිලකරත්න මහත්මිය පවසා සිටියේ විෂම සමාජයක් තුළ දරුවන් නරක දේවල්වලට යොමු වෙමින් පවතින බවයි, එවන් සමාජයක දුවිඳු සහ රවිඳුගේ තෝරා ගැනීම පිළිබඳව ඇය සතුටු වෙන බවද කියා සිටියා. මෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන්ගේ දරුවන් ගැන ඇයට බිය වීමට කිසිදු කාරණයක් නොමැති බවයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ සුපිරි පිතිකරු හෂාන් තිලකරත්න ද කියා සිටියේ දුවිඳු සහ රවිඳු තමන්ගේ සීමාවන් පිළිබඳව හොඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරන බවයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 May 2020 13:38