May 27, 2020

මත්පැන් හල් අසල දීර්ඝ පෝලිම් - සෞඛ්‍ය නිර්දේශ තිතටම රකී (PHOTOS)

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග මාසයකට අධික කාලයක වසා තිබූ සුරාසැල් විවෘත කිරීමත් සමග අද (20) උතුරේ පිහිටි සුරාසැල් ඉදිරිපිට දිගු පොලීම් දැකගත හැකි විය.

බොහෝ පුද්ගලයන් මිලට ලබාගත හැකි උපරිම සීමාවෙන් මත්පැන් ලබා ගැනීමට කටයුතු කලහ.

ඔවුන් සඳහන් කළේ නැවත ඇදිරිනීතිය පනවාවි යයි සැකයෙන් මෙසේ වැඩිපුර ලබා ගන්නා බවයි.

වව්නියාව,මන්නාරම,කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි පිහිටි සුරාසැල් මාසයකට පමණ පසුව විවෘත වූ අතර අද උදෑසන සිට මැත්පැන් වෙනුවෙන් ඇබ්බැහි වූවන් සුරාසැල් ඉදිරිපිට රැසව් සිටියහ.

පසුගිය මස 20 වනදා සිට පැනවූ ඇඳිරිනීතියත් සමග සුරාසැල් වැසීමට රජය පියවර ගත් අතර පසුව වරින් වර ඇඳිරිනීථිය ඉවත් කලද සුරාසැල් විවෘත නොවීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Monday, 20 April 2020 21:34