April 05, 2020

ඇඳිරි නීතිය නිසා අසරණ වුණු සුනඛයන් පිරිසක් පොලීස් නිලධාරීන්ට දුක කියයි (PHOTOS)

කොරෝනා වෛරසය දැන් අපේ රටෙත් පැතිර යාමේ අවධානමට ලක් වෙලා. ඒ හින්දාම ඊයේ (20) දිනයේ ඉඳන් ලබන සඳුදා (23) දක්වා ඇඳිරි නිතියත් යොදවන්න රජය තීරණය කරලා තියෙනවා.

මේ ඇඳිරි නීතිය හින්දා බොහෝ ප්‍රධාන නගර පාළුවට ගිහින්. ඒ අතර වතුකරයේ නගර සියල්ලම පාහේත් සම්පුර්ණයෙන්ම වහලා දාලා පාළුවට ගිහින්. ඉතින් මේ ඇඳිරී නීතිය නිසා පිරිසක් අර්බුදයකට පත් වෙලා.

ඒ තමයි හැටන් නගරයේ නිදැල්ලේ ජීවත් වෙමින් සිටින සුනඛයන්. එයාලාට ඇඳිරි නීතියට කළින් කන්න බොන්න සොයා ගන්න එක ගැටලුවක් වෙලා තිබුණේ නැහැ. මොකද ඇඳිරි නීතිය පනවන්න කළින් එයාලාට හැටන් නගරයේ තිබුණු ආපනශාලාවලින් හෝටල්වලින්, මස් හා මාළු වෙළෙඳසැල් කන්න බොන්න ටික ලැබුණා. ඒත් දැන් ඒවා වහලා නිසා එයාලා ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා.

ඉතින් නගරයේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ ඇඟේ දැවටෙමින් කන්නට යමක් ඉල්ලන මේ සුනඛයන් පිරිස අප වාර්තාකරුවෙකුගේ කැමරා කාචයේ සටහන් වෙලා තිබුණේ මේ විදියටයි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)