March 29, 2024

කොරෝනා බෝවීම වළක්වන්න අනුරාධපුරේ තරුණයන් පිරිසක් හඳුන්වාදුන් නව නිර්මාණය

කොරෝනා වෛරසය පැතිරී යන මේ කාලයේ, පොදු ස්ථානවල ගැවසීමෙන් සහ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතයෙන් වැළකීම මෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්වීමෙන් හෝ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් රටේ සැම ආරක්ෂා කර ගැනීමට මේ දිනවල බොහෝ දෙනා උත්සහ කරනවා.

මේ ආකාරයට පොදු ජල නල හරහා කොරෝනා බෝ වීම වැළැක්වීම වෙනුවෙන් අනුරාධපුරේ තරුණයන් පිරිසක් නව නිර්මාණයක් හඳුන්වා දුන්නා.

ඔවුන් විසින් නිර්මාණය කර ඇති මෙම විශේෂ පොදු ජල නල නිර්මාණයේදී සිදුවන්නේ අතින් අල්ලා කරාමය හැර ජලය ලබාගැනීම වෙනුවට, පෙඩලයක් මඟින් කකුලෙන් පාගා ජලය ලබාගැනීමට හැකිවීමයි.

මේ වනවිට මේ ආකාරයේ ජල ටැංකි 05 ක් අනුරාධපුරයේ ස්ථාන 05 ක සකසා තිබෙන බව ද වාර්තා වෙනවා.

Rate this item
(0 votes)