April 20, 2024

"ඉල්ලන හැමදේම දුන්නා - රෑ එලි වෙනකන් Bathroom අලුතින් හැදුවා" - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාව

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමට රජය විසින් පසුගිය 10 වෙනිදා සිට ගත් තීරණයට ඇතැම් පිරිස් විවේචනය එල්ල කරනු ලැබුවා.

ඇතැම් ලාංකිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර සිටියේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා තමන්ගෙන් රුපියල් 7500 ක මුදලක් අය කරන බවයි. නමුත් එය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට රජය මෙන්ම යුධ හමුදාවද ප්‍රකාශ කර සිටියා.

ඉන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජායාරූප පළකරමින් ඇතැම් පුද්ගලයින් කියා සිටියේ තමන්ට නිසි වෙලාවට ආහාර ලබාදීමක් සිදුනොකල බවයි. තව පුද්ගලයෙක් කියා සිටියේ බිමට කෝපි ලබා දුන්නේ ප්ලාස්ටික් බෝතලයක් කපා එය කෝප්පයක් ලෙස මෙන් සාදාලා කියලා.

මේ සියලු චෝදනා වලට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ඉතාලියේ සිට පැමිණි ලාංකික තරුණයෙක් මෙලස සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබුණා.

Rate this item
(0 votes)