April 24, 2024

ලෝක නායකයින් අතට අත දීමේ සංස්කෘතිය අත්හරී (PHOTOS)

කොරෝනා වසංගතය යුරෝපය පුරා පැතිර යෑමත් සමග අතට අතදී අමුත්තන්  පිළිගැනීමේ ආචාර සම්ප‍්‍රදාය නවතා දැමීමට යුරෝපයේ පාලකයෝ කටයුතු කරමින් සිටිති. බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු යුරෝපා ආචාර සම්ප‍්‍රදාය වෙනස් කරමින් සිංහල ක‍්‍රමයට ‘ආයුබෝවන්’ කියා අමුත්තන් පිළි ගැනීමේ ජායාරූපයක් සමාජ  මාධ්‍ය හරහා හුවමාරු විය.

කොරෝනා වෛරස් පැතිරීම නැවැත්වීම සඳහා අතට අත දීම හෝ එකිනෙකා වැළඳ ගැනීම වැනි බටහිර ආචාරවිදි වලින් බැහැර වීමට   ලොව බලවත් රටවල්වල රාජ්‍ය නායකයින් පවා පෙළඹී තිබේ.

ඒ අනුව කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස “ආයුබෝවන්” “නමස්තේ” හෝ “වනක්කම්” යන කියමනෙන් එකිනෙකාට ආචාර කිරීමේ පැරණි සම්ප්‍රදායන් අනුගමනය කිරීමට පෙළඹීම විශේෂත්වයකි.

Image may contain: 2 people, people standing, suit and shoes

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2020 21:24