April 19, 2024

ඇස් රතු වෙන විහිළු (VIDEO)

February 24, 2020

නව යෞවන කාලයේ තරුණ කාලයේ බොහෝ ළමුන් විශේෂයෙන්ම තරුණයන් විහිළුවෙන් හා ත්‍රාස ජනක අත්දැකීම් සහිතව කාලය ගත කිරීමට බොහෝ කැමැතිය. නමුත් මේ සමහර විහිළු ඇස් රතුවෙන අවස්ථාවන් ද නැතුවාම නොවේ.

රත්නපුර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තමන්ගේ මිතුරෙකු රත්නපුර නගර මධ්‍යයේ ලණුවකින් ගැට ගසා බිත්තරවලින් නාවා කරපු සිදුවීමක පුවතක් මේ දිනවල ෆේස්බුක් සමාජජාලය ඔස්සේ සංසරණය වෙන බව ඔබ දැනටමත් දැක ඇති බව නොඅනුමානය.

මේ සිදුවීමට සම්බන්ධ තරුණ පිරිස ඇතුළු බොහෝ දෙනා පවසන්නේ මෙය ඔවුන්ගේ මිතුරාගේ උපන්දිනයට කරන ලද දෙයක් බවකි. ඒ පිරිස තවදුරටත් කියා තිබුණේ “මෙය ආතල් නොදන්නා අයට” තේරෙන්නේ නැති බවය . එ් තරුණ පිරිසට අනුව එය ආතල් එකක් වුණත් මඟතොටේ යන එන ජනතාවට එය ආතල් එකක් නොවන බව එම තරුණ පිරිස වටහා ගත යුතුය.

මේ සිදුවීම තුළ තරුණයන් පිරිසකගේ හුදෙක් ආතල් එකක් ලෙස බැහැර කළ හැකි වූවත් එයින් සමාජය තුළ ඇති කරන වැරදි අදහස සුළුපටු නොවන බවද එම තරුණ පිරිස වටහා ගත යුතුය. මෙයින් සිදුවන්නේ සැබෑවටම කරදරයකට මුහුණ දුන් කෙනෙකු හටත් ජනතාව උදව් නොකර සිටීමය.

බයිසිකලයකින් වැටුණත්, පාරේ ඇදගෙන වැටුණත්, රිය අනතුරකට ලක් වුණත් මොනම හෝ කරදරයක දී දෙවරක් නොසිතා දුවගෙනවිත් උදව් කිරීමට පෙළෙඹීම අපේ රටේ ජනතාවගේ ඇති ඉහළම මානුෂික ගුණයකි. සමාජය ඉදිරියේ මෙවන් ආතල් ගැනීම මඟින් සිදුවන්නේ ඒ මානූෂීය ගුණය ඇති ජනතාව තුළ කෝපයක් ඇති වීම පමණි. සැබෑම අව්‍යශතාවයක් ඇති අයෙකුට වුවද එම පිරිස නැවත උදව් කිරීමට පෙර දෙවරක් සිතනු ඇත.

තරුණ වයසට ආතල් ගත්තාට කිසිදු වරදක් නැත. ජනතාවට වැඩි වශයෙන් සැරිසරන කාර්ය බහුල නගරයක් මධ්‍යයේ මෙවන් ක්‍රියාවන් කිරීම තුළ කිසිදු ආතල් එකක් නැති බවද එම තරුණ පිරිස වටහා ගත යුතුය. එම පිරිසට මතක් කරන්නට ඇත්තේ විහිළුවට කෝටියා ආවා යැයි කියා සැබැවින්ම කොටියා ඇවිත් අරගෙන ගිය තරුණයාගේ කතාවය.

Rate this item
(0 votes)