April 25, 2024

වලසුන් ලෙස ඇඳගත් ඉන්දීය ගුවන් සේවකයන් වඳුරන් පැන්නු හැටි

February 08, 2020
ඉන්දියාවේ බටහිර අහමදාබාද් පිහිටි සර්දාර් වල්ලභායි පටෙල් ගුවන් තොටුපොළ යනු ඉන්දියාවේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ අතරින් එකකි. නමුත් ටික දිනක සිට මෙම ගුවන් තොටුපොළට පැමිණෙන වඳුරන් නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

වඳුරන් ගුවන් තොටුපොළේ ධාවන පථයන් මත රැඳී සිටීමත් එම නිසා ගුවන් තොටුපොළට පැමිණෙන හා පිටවෙන ගුවන් යානාවලට අනතුරක් සිදුවීමට ඉඩකඩ ඇති වීම ඇති හැකියාව මෙම ගුවන් තොටුපොළේ බලධාරීන් තේරුම් ගැනීමත් සමඟ ඔවුන් විසඳුමක් සොයන්නට පටන් ගත්තා.


එහි ප්‍රතිඵලයක් විදියට, මෙම වඳුරන් වලසුන්ට බියක් දක්වන බව සොයා ගනු ලබනවා. ඒ අනුව ගුවන් තොටුපොළ සේවකයන් පිරිසක් වළසුන් ලෙස සකස් කළ අැඳුම්වලින් සැරසී මෙම වඳුරන් පන්නා දැමීමට කටයුතු කර තිබුණා.

එය ඉතාමත් සාර්ථක ප්‍රයත්නයක් වු අතරම වඳුරන්ගේ ජීවිතවලට ද කිසිදු හානිදායක දෙයක් සිදුවුණෙත් නැහැ. ඒ වගේම එම කටයුත්තට දායක වුණු ගුවන් තොටුපොළ සේවකයන් එය විනෝද ජනක බවද පවසා සිටියා.
Rate this item
(1 Vote)