March 29, 2024

උද්ඝෝෂණ කළ සුනඛයා

February 05, 2020

සුනඛයා මිනිසාගේ හොඳම මිතුරායි. මේ කියමන කොයි තරම් සාධාරණයි ද? මේ ලිපිය කියවන විට ඔබට ඒ කියමන නැවත වතාවක් සාධාරණ බව තහවුරු කරගත හැකි වෙයි.

ග්‍රීසියේ මීට වසර කිහිපයකට කළින් එනම් 2010 දී දැවැන්ත විරෝධතායක් ආරම්භ වෙනවා. ඒ ජනතාව ග්‍රීක රජයේ ආර්ථික සැලැස්ම සහ බදු ප්‍රතිපත්තිවලට විරෝධය පාමින්. මුළු රට පුරාම ඇරැඹී තිබුණු මෙම වි⁣රෝධතාවයන් පසුව දැවැන්ත උද්ඝෝෂණ රැළියක් ලෙස 2010 මැයි 05 වැනිදා ආරම්භ වෙනවා.

මේ උද්ඝෝෂණ අතරතුර පොලීසිය සහ වි⁣රෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ද හට ගත්තා. මේ වි⁣රෝධතා උද්ඝෝෂණයන් ගැන ලෝකයේ හැම මාධ්‍යයක් වගේ ම වාර්තා කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.



මේ සියලු මාධ්‍ය වාර්තාවන් අතර එක් අපූරු විරෝධතාකරුවෙක් ගැන පුවත් පළ වෙන්නට පටන් ගත්තා. මෙයා හැබැයි අනිත් වි⁣රෝධතාකරුවන් වගේ සටන් පාඨ නම් කිව්වේ නැහැ. ඒකට මෙයා කරේ බුරපු එක. මෙයා වෙන කවුරුවත් නෙමෙයි ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් විරෝධතා සුනඛයායි. ග්‍රීක භාෂාවෙන් මෙයාට කිව්වේ ලූකානිකෝස් කියලා. ඒ වචනයේ අර්ථය වුණේ සොසේජ් යන්නයි.

ලූකානිකෝස් කියන්නේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර විදී අතර දඩාවතේ යමින් සිටි වීදි සුනඛයෙක්. මෙයාගේ නම ලූකානිකෝස් වුණත් හැමෝම මෙයා⁣ට කතා ක⁣රේ ලූක් කියලා. 2010 උද්ඝෝෂණ ඇරඹෙන කොට ලූක් ට වයස අවුරුදු 10ක් පමණ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ.

විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යද්දී ලූක් එයාලාගේ ඉදිරියෙන් යන්න අමතක කරේ නැහැ.



ගැටුම් කොයි තරම් දරුණු වුණත් ඒ හැම තැනකම යන්න ලූක් සමත් වුණා. විරෝධතාකරුවන් පළවා හරින්න කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වෙද්දී ඒ අතර ඉඳන් කඳුළු ගෑස් උණ්ඩත් අරන් නැවත පොලීසිය වෙත දුව ගොස් දමා එන්නටත් ලූක් කටයුතු කරලා තියෙනවා.

විරෝධතාවයේ දරුණුම අවස්ථාවල ගත්ත බොහෝ ඡායාරූප අතර ලූක් සිටි බව බොහෝ මාධ්‍යවේදීන් කියලා තිබුණා.

ලූක් ට කිසිම පොලිස් නිලධාරීයෙක් අදාළ වුණේ නැහැ. එයාට විරෝධය පාන්න ඕන වුණාම ඉහළ ඔවුන් ළඟට ගිහින් බුරලා එනවා. ඒ නිසා සමහර අවස්ථාවල ලූක් ට පොලිස් නිලධාරීන්ගේ පා පහරවල් පවා කෑමට සිදු වුණා.



ලූක් මෙතරම් වි⁣රෝධතාකරුවන් ට සමීප වුණේ ඔහුට විරෝධතාකරුවන් විසින් හොඳින් සැලකීමත්, ආහාර පාන ලබා දී ආරක්ෂා කළ නිසා යැයි බොහෝ දෙනා කියලා තිබුණා. ඒ වගේ ලූක් ට පොලිස් නිලධාරීන් අතරත් වි⁣රෝධතාකරුවන් අතර වෙනස සහ හොඳ නරක දේවල් ගැන හොඳ වැටහීමක් තිබීමත්, සටන දරුණු වන අවස්ථාවල ඒවා ගැන හොඳ වැටහීමක් තිබීමත්, පලා යා යුතු පලා යා යුතු බව දැන සිටීමත් පුදුමයක් බවයි බොහෝ දෙනා කියන්නේ.

2011 අවසානය වෙද්දී උද්ඝෝෂණයන් අඩු වුණා. ලූක් ඒ වෙද්දී සෞඛ්‍ය අතින් ගොඩාක් පිරිහිලා හිටියා. ඒකට හේතුව වුණේ අධික ලෙස කඳුළු ගෑස් ආග්‍රහණය වීමත්, සමහර පොලිස් නිලධාරීන්ගේ පා පහරවල් නිසාත් බව පසුව වාර්තා වුණා. පස්සේ එක් විරෝධතාකරුවෙක් ම ලූක් ව බලා ගන්න ඉදිරිපත් වුණා. මේ අතරයි ලෝක ප්‍රසිද්ධ Times සඟරාව ඔවුන්ගේ කවරයේ මුලට දාන්න ලොව බලවත් ම මිනිසා තෝරා ගනිමින් හිටියේ.

එම වස⁣රේ නාම යෝජනා අතරට ලූකානිකොස්ගේ නැත්නස් සෝසේජ් ගේ නමත් තිබුණා. නමුත් ලූක් ට time සඟරාවේ මුල් කවරයට යන්න බැරි වුණත් 2011 වස⁣රේ Runner-Up දක්වා ඉහළට එන්නට හැකියාව ලැබෙනවා. ලූක් ව කොයි තරම් ප්‍රබල චරිතයක් බවට පත් වුණා ද කියනවා නම් තමන්ගේ අරගලයට ජීවිය දෙන්න පැමිණි මේ තිරිසන් සතාව ග්‍රීක වැසියන් ජාතික වීරයෙකු ලෙස ද සැලකු බවට සඳහන් වෙනවා.

දැඩි අයහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් සිටි ලූක් 2012 වසරේ ජීවිතයට සමු දෙන්නේ ග්‍රීසියේ ජනතා අරගලයට උර දුන් සැබෑ වීරයෙකු ලෙස ඉහළම ගෞරවයක් උරුම කරගනිමිනි.

Rate this item
(1 Vote)