April 25, 2024

හිටපු රූ රැජින දැන් වියට්නාම් ඇමරිකානු භික්ෂුණියක් - බෞද්ධ දර්ශනය පිලිබඳ උපාධිධාරිනියක්

වියෙට්නාමයේ ෆු ක්වොක් දූපතේ උපත ලැබු බෞද්ධ සම්භවයක් සහිත පවුලක දියණිය වූ බිච්ලියන් පසුව ඇමරිකාව බලා සංක්‍රමණය වේ. ඇමරිකාවේදී සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වන ඇය පසුව ජාත්‍යන්තර රූ රැජිණ ලෙසින් අභිෂේක ලබයි.

එලෙස සිය දිවියේ උසස්ම සන්ධිස්ථානයක් ලබාගන්නා ඇය සිය ධනවත් ජීවිතය සැහැල්ලූවෙන් ඇත හැර දමා බුදුදහමේ නිදහස් මාවතට පිවිස සිය දිවියේ ආධ්‍යාත්මික සුවය වෙත යොමු විය. කුඩා කල සිටම ඇමරිකාවේ ජීවත් වූ ඇය ලබාගත් අධ්‍යාපනය නිසාම ජීවිතය ජය ගනිමින් නිවැරදි මාවතකට ගමන් කල හැකි විය.

කැලිෆෝනියාවේදී ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් මුණගැසීම තුල ඇය සිය දිවියේ ලැබු  සුවිශේෂී සන්ධිස්ථානයක් විය. ඉන් පසු බෞද්ධ දර්ශනය පිලිබඳ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගැනීමට සමත් විය.

2019 සැප්තැම්බර් 5 දින කැලණිය විශ්ව විද්‍යාලයේ 110 වන උපාධි උත්සවයේදී ඇය බෞද්ධ දර්ශනය පිලිබඳ ආචාර්ය උපාධියක් ලබන පළමු ඇමරිකානු - වියෙට්නාම භික්ෂු‚ය බවට පත් වෙයි.

එලෙසම බෞද්ධ දර්ශනය පිලිබඳ ආචාර්ය උපාධියක් ලැබූ පළමු රූ රැජිනද වේ. වර්තමානයේ ලංකාවේ කටයුතු වලටද ය සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් කටයුතු කරන භික්ෂුණී ආචාර්ය බිචිලියන් ( ආචාර්ය එලිසබෙත් ) වර්තමාන සමාජීය කාන්තාවන්ට සිය ජීවිතයේ පරමාදර්ශය ගත හැකි අපූර්ව චරිතයකි.

Rate this item
(0 votes)
Last modified on Friday, 31 January 2020 13:16