April 24, 2024

තාක්ෂණික දැවැන්තයන් කිහිප දෙනෙක් චීනයේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

චීනයේ ඇතිව තිබෙන කොරෝනා වෛරස් අර්බුදය හේතුවෙන් ඊයේ (30) දින ලෝකයේ තාක්ෂණික දැවැන්තයන් කිහිප දෙනෙකුම තමන්ගේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටු වීමට තීරණයක් ගෙන ඇතිබව සඳහන් වෙනවා.

මෙම මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටවූ තාක්ෂණික දැවැන්තයන් අතරට Google, Microsoft සහ Amazon ආයතනයන් ඇතුළත් වෙනවා.

Google ආයතනය ඔවුන්ගේ සේවකයන්ට පවසා තිබෙන්නේ චීනය සහ හොංකොං ⁣රටවල් දෙකේ සේවය කරන කාර්ය මණ්ඩලය නවත බවත්, දැනට එරටේ සේවය කරන කාර්ය මණ්ඩලයට නිවැස්වල සිට අවම සති 02ක පමණ කාලයක් සේවය කරන ලෙසයි.

Amazon ආයතනයේ නිලධාරියෙකු මෙම තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ නැවත දැනුම් දෙනතුරු චීනයත් ඉන් පිටත් ව්‍යාපාරික සංචාරයන් තාවකාලිකව නවතා දමන බවයි. ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතනයන් විසින් සපයනු ලබන සෞඛ්‍ය සහ ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන්න යැයි තමන්ගේ සේවකයන්ට පැවසු බවයි.

Facebook ආයතනය ද තමන්ගේ සේවකයන්ට චීනයට සංචාරය සඳහා නොයන ලෙස පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අමෙරිකානු සුප්‍රසිද්ධ කෝෆි අවන්හලක් වන Starbucks ආයතනයේ චීනයේ පිහිටි අවන්හල් 2,000ක් පමණ ද තාවකාලිකව වසා ඇතිබවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Toyota සමාගමද චීනයේ උද්ගත වී තිබෙන තත්ත්වය සැලැකිල්ලට ගෙන පෙබරවාරි 09 වැනිදා දක්වා චීනයේ පිහිටි තමන්ගේ කාර්මාන්තශාලාවල කටයුතු පසුගිය බදාදා (29) සිට තාවකාලිකව නවතා දමා ඇතිබවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මීට අමතරව ප්‍රංශයට අයත් PSA ආයතනයද තමන්ගේ මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති අතර ඔවුන්ගේ සේවකයන්ට හා පවුල්වල පිරිස්වලට චීනයෙන් ඉවත් වෙන ලෙසද පවසා ඇති බව සඳහන් වෙනවා.

වුහාන් ප්‍රදේශ චීනයේ 07 වැනියට විශාලතම ප්‍රධාන වාහන නිෂ්පාදනයේ නිරත වෙන නගරය ද වෙනවා.

Rate this item
(3 votes)