March 29, 2024

පරිසර විද්‍යාඥයින් පවා පුදුමයට පත් කළ ඉන්දියාවේ ජීවත්වෙන පාලම්

ලෝකය අදවන විට කෙතරම් තාක්ෂණිකව දියුණුව ලැබුවත් තවමත් ස්භාවධර්මයේ නිර්මාණත්වයට අභියෝග කළ හැකි කිසිවක් නිර්මාණය කිරීමට තරම් හැකියාවක් ලැබී නැහැ.

එයට කදිම උදාහරණයක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට වන්නත් බංග්ලාදේශයට සීමාවෙන් තිබෙන ප්‍රාන්තයක් තිබෙනවා. ඒ මේගල්යා ප්‍රාන්තයයි.



මෙම ප්‍රාන්තයේ පිහිටා තිබෙන එක් අපුරු පාලම් සමූහයක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ එහි ඇති අපුරු මෙන්ම ජෛව විවිධත්වීය වටිනාකම නිසයි. මෙම අපුරු පාලම නිර්මාණය වී තිබෙන්නේ එම පාලම පිහිටා තිබෙන ගම්මානයේ වැසියන් විසින් වසර ගණනාවකට පෙර ඉදි කරන ලද උණ බම්බු පාලම ආකෘතිය බවට පත් කරගනිමිනි.

Ficus Elastica නැතිනම් Rubber Fig නම් ශාකය විසින් (ශ්‍රී ලංකාවේ රබර් අත්තික්කා නමින් හඳුන්වයි) තමන්ගේ වායව මුල් මෙම උණ බම්බු පාලම වටා එතීම මඟිනි. වසර 50-60 කාලයක් මෙම අපුරු පාලමක් නිර්මාණය වීමට ගතවෙන බව සඳහන් වෙනවා.


මෙලෙස හමු වී ඇති අපුරු පාලම් සමූහයේ බොහෝ පාලම් වසර 100කට වඩා වයස්ගත බවයි වාර්තා වෙන්නේ. දැනට හමු වී තිබෙන දිර්ඝතම පාලම අඩි 164ක් නැතිනම් මීටර් 50ක දිගින් යුක්ත වෙනවා. හොඳින් වැඩුණු ශාකමය පාලමකට එක්වර 35 දෙනෙකු දරා ගැනීමට හැකියාව ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පාලම බොහෝමයක් ගංඟා ආශ්‍රිතව පිහිටා තිබෙන නිසා ගං ඉවුර දෙපස ජීවත්⁣ වෙන ජනතාවට මෙම පාලම් මඟින් ලොකු සේවයක් ඉටුවෙන බව සඳහන් වෙනවා. සංචාරකයන් සහ ගම්වැසියන් මේ හරහා දිනපතා ගමන් කරන අතර දිනකට පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මෙම පාලම් හරහා ගමන් කරන බවට සඳහන් වෙනවා.

දැනටමත් මුළු ලෝකයේ ම අවධානය දිනාගෙන ඇති මෙම හුස්ම ගන්නා පාලම් හරිත විප්ලවයන් හා හරිත තාක්ෂණය වෙනුවෙන් පරික්ෂණ කරන බොහෝ රටවල අවධානයට ලක් වී තිබෙනවා. බොහෝ පරිසරවේදීන් හා වස්තුවේදීන් මෙම ශාක පාලම් උපයෝගී කරගනිමින් නගර අලංකරණය හා පාලම් ඉදි කළ නොහැකි වනාන්තර ප්‍රදේශයන්වලට ආදේශ කළ හැකිද යන්න ගැන පර්යේෂණ සිදුකරමින් සිටිනවා.

පාලම ඉදි කිරීම වෙනුවෙන් කිසිදු ශාකයක් බිම හෙළීමකින් තොරව සහ යකඩ වැනි ද්‍රව්‍ය භාවිත කිරීමත් කාලයෙන් කාලයට ඒවා නඩත්තු කිරීමට සිදුවීමත් නිසා වැයවෙන අධික පිරිවැයද ඉතිරි කරගැනීමට හැකියාවක් ලැබෙනු නිසැකය.

මෙහි වටිනාකම නම් යකඩ පාලම් මෙන් නොව කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගනිමින් ඔක්සිජන් නිපදවීම තුළින් වටහා ගත හැකිය.

Rate this item
(1 Vote)