April 16, 2024

කවුද මේ නිශාන්ත රණතුංග?

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත්කිරීම පිලිබඳව විරෝධතා මෙන්ම විවේචන ද එල්ලවෙමින් තිබේ.

විශේෂයෙන්ම නිශාන්ත රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා CSN රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් කල ඇතැම් ක්‍රියාකාරකම් ඒ සඳහා පදනම විය.

මොබිටෙල් පුද්ගලික සමාගමේ අලවි කළමණාකරුවෙකු ලෙස පුද්ගලික අංශයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරඹූ රණතුංග මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යටතේ රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්විය. ඒ වන විට අංක 3 ට තිබූ ජාතික රූපවාහිනිය ඔහුගේ පාලන කාලය තුල අංක 1 දක්වා ගෙන ඒමට හැකිවිය.

එමෙන්ම වසර දෙකක් තුල සේවක වැටුප්, සේවකයන්ගේ විශිෂ්ඨ සේවව මත 50% කින්වැඩි කිරීමට හැකිවූ අතර මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 60ක ලාභාංශයක් ද ගෙවීමට හැකිවිය.

ඉන්පසු මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු මිහින් ලංකා හි වගකීම් භාර ගත් අතර ඒ වන විට මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 2ක පාඩුවක් එම ආයතනය දැරීය. එහෙත් මාස 8ක් තුල මිහින් ලංකා ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට රණතුංග මහතාට හැකිවිය.

රණතුංග මහතා 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් හි ලේකම් ධූරයට පත්කෙරුණු අතර ඔහුගේ එම ධූර කාලය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක ශූරතා 5ක අවසන් තරඟ වලට තේරුණු අතර ඉන් 4ක අනු ශූරතාවය ද 2014 T20 ලෝක ශූරතාවයද දිනා ගැනීමටද සමත් විය. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල T20 ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයට ද එක්දින ශ්‍රේණිගතකිරීම් වල තුන්වන ස්ථානයට පැමිණීමටද සමත් විය.

CSN නාලිකාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වූ නිශාන්ත රණතුංග මහතාට එම ආයතනයරජයට බදු ගෙවීම පැහැර හැරිම හා රාජ්‍ය සම්පත් භාවිතා කිරීම පිළිබඳවට චෝදනා එල්ල විය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පැවති අධිකරණ කටයුතු වලදී සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.  CSN නාලිකාව ක්‍රීඩාව හා ක්‍රීඩා තරඟ නොමිලේ ප්‍රවර්ධනය කල අතර ඊට අවශ්‍ය අනුග්‍රාහකයින් සොයා ගැනීමට රණතුංග මහතාට හැකිවිය.

විවිධ චෝදනා මෙන්ම ප්‍රශංසා ද සිය වෘත්තීය ජීවිතයේදී ලබා ඇති රණතුංග මහතා අර්ජුන, ප්‍රසන්න, ධම්මික, රුවන් යන රණතුංග පවුලේ සාමාජිකයෙකු ද වේ.

Rate this item
(2 votes)