April 26, 2024

ලෝක ප්‍රසිද්ධ මීනිමස් කන්නෙකු නිදහසෙන් පසු වීදියේ

ජපන් ජාතිකයෙකු වන ඉසෙයි සාගාවා කියන්නේ 1981 වර්ෂයේ දී ලෝකයම භීතියට පත් කරන ලද පුද්ගලයෙකු කිව්වා නම් හරි.

ඉසෙයි සාගාවා හට මිනී මස් කෑමේ දැඩි ආසාවක් සෑහෙන්න කාලයක ඉඳන් තිබුණු බව ඔහු පවසා තිබුණා. ඒ අනුව ඔහු අවුරුදු 32 දී තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්නවා.

ඒ් ඔහු ප්‍රංශයේ සොර්බෝන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ දීය. එහිදි ඉසෙයි සාගාවා ඔහු ඉගෙනුම ලැබූ පංතියේ මිතුරියකු වූ Renee Hartevelt ව තමන්ගේ වසර 32ක සිහිනයේ ප්‍රථම ගොදුර බවට පත් කරගන්නවා.

Renee ගේ ඝාතන ගැන ඉසෙයි කියා තිබුණේ අමුතුම කතාවක්. "ඇයගේ පාද දැක්කාම රසවත් අැති බව සිතුණා" යැයි ඔහු පවසා තිබුණා.

ඉසෙයි සාගාවා එම සිදුවීමෙන් පසු අත්අඩංගුවට පත්වෙන අතර වසර 02ක් ප්‍රංශයේ සිරගෙදර කාලය ගත කිරීමෙන් පසුව නඩු විභාගයක් කැඳවු පසුව ඔහු නඩු විභාගයක් සඳහා සුදුසු නීතියානුකූල මානසිකත්වයෙන් නොමැති බව පවසමින් ඔහු නඩු විභාගයට නොසුදුසු බව පවසා දින නියමයක් නොමැතිව මානසික රෝහලක රඳවා තබන ලෙස පවසා නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව නඩුව මුද්‍රා තැබුණි.

එම තීන්දුවෙන් පසුව ඉසෙයිව නැවතත් ජපානයට පිටුවහල් කර යවන අතර එහිදී ඔහුට ඔහුගේ ඉතිරි ජීවිත කාලයේ ජපානයේ මානසික රෝහලක ගත කිරිමට සිදුවන ඇතිබව සිතුවත් එය එසේ නොවුණි.

ජාපනයට ඉසෙයිට විරුද්ධව නඩු පැවරීමක් හෝ සිර ගත කිරීමක් කළ නොහැකි විය. ඒ ප්‍රංශය විසින් ඉසෙයි සාගාවාගේ නඩුව අවසන් කර තිබූ නිසයි. ඒ අනුව ඉසෙයි සාගාවා ව නිදහස් කිරීමට හැර කළ හැකි කිසිවක් නොතිබුණි.

දැන් ඉසෙයි සාගාවා ටෝකියෝ නුවර වීදිවල කාලය ගත කරමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ජාත්‍යන්තර මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණා.

Rate this item
(1 Vote)