April 19, 2024

තවත් කොටියෙකු ඝාතනය කරේ (PHOTOS)

මේ දිනවල මුහුණු පොත පුරා පළ වෙන අවාසනාවන්ත සිදුවීමක් ඒෂියන් මිරර් අප නෙත ගැටුණා.
ශ්‍රී ලංකාවට පමණක් ආවේනික Panthera pardus kotiya නැත්හොත් ශ්‍රී ලංකානු කොටියෙකු පසුගිය 31 වැනිදා උඩවලව රක්ෂිතයේ අමානුෂික ලෙස ඝාතනය කර තිබී හමුවී තිබෙනවා.
ඉතාමත් හොඳින් වැඩුණු කොටියාව මව් ආර වැව අසළ දී වෙඩි තබා ඝාතනය කොට ඉදිරි දෙපා කපා දත් ගලවා මෙලෙස මරා දමා තිබුණා.
මෙම අපරාධයට එරෙහිව මේ වෙනතුරුත් කිසිදු නීතිමයක් ක්‍රියාවක් ඉටු නොවී නැති බවද මෙම මුහුණේ පොතේ සටහන් අතර ලියැවී තිබුණා.
ශ්‍රී ලංකාවට පමණක් ආවේනි වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින කොටියෙකු මෙලෙස රක්ෂිත වනාන්තරයක් තුළ දීම ඝාතනය කිරීම මවිතයට කරුණකි.
⁣මීට පෙරද කිලිනොච්චිය ප්‍රදේශයේදී ද කො⁣ටියෙකු පිරිසක් අතින් ඝාතනය වු අතර එයට නිසි දඬුවම් හිමි වුණි.
මෙම සිදුවීම පිළිබඳව බලධාරීන් වහාම ක්‍රියාත්මක වේවියැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා. මන්දයත් මේ විනාශ වී යන්නේ රටේ වටිනා සම්පත් වන නිසාය.
Rate this item
(0 votes)
Last modified on Friday, 03 January 2020 10:44