March 29, 2024

බදුල්ල මැදි මහ විදුහලින් ලෝක ශූරයෙක්

December 29, 2019

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ හයවෙනි වසර ඉගෙනුම ලබන රෙහාන් ආදිත්‍ය වීරකෝන් නැමති ශිෂ්‍යයා අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝක ශූරතාවය දිනා ගෙන තිබේ.

ඒ අද ජපානයේ ටෝකියෝ නුවර පැවැති තරගාවලියේ දී ය.

මෙම වසරේ තායිලන්තයේ පැවති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ දී සහ හොංකොං හි පැවති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ දී රන් පදක්කම් දිනූ සිසුන් පමණක් මෙම ජපානයේ පැවති අවසාන  මහා තරගාවලියට සහභාගී කර ගෙන තිබුණි .
මෙම තරගාවලියේ දී   රන් පදක්කම් දිනූ ලොව සියලුම ගණිත ශූරයින් පරදා රොහාන් ආධිත්‍ය වීරකෝන් , එහි සමස්ථ  ලෝක ශූරතාවය සහ එයට හිමි රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 January 2020 08:37