April 18, 2024

යෝෂිත රාජපක්ෂට යාපනයේ නගර අලංකාර තරුණ පිරිස්වලින් උණුසුම් පිළිගැනීමක්

December 23, 2019

යාපනයේ ආගමික සිද්ධස්ථාන වැදපුදාගැනීම හා නත්තල් සමයේදී කතෝලික දේවස්ථානයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (22) දින සංචාරයක නිරත වූ යෝෂිත රාජපක්ෂ මහතා යාපනයේ නගර අලංකාරණයේ නිරත තරුණ පිරිස්ද හමු වීය.

නත්තල් සමය වෙනුවෙන් යාපනයේ කතෝලික දේවස්ථානයන්හි ආරක්ෂාව පිළිබඳව යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශ් හිමිපාණන් හමු වී යෝෂිත රාජපක්ෂ මහතා සාකච්ඡාවක නිරත විය.

අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ යාපනයේ පිහිටි බෞද්ධ , හින්දු, කතෝලික ආගමික ස්ථාන වැඳපුදා ගැනීමෙන් පසුව යාපනයේ නගර අලංකාරයේ යෙදී සිටි තරුණ පිරිස් හමු වීමට ගිය අවස්ථාවේදී එම දෙපලට ඉහල ප්‍රතිචාරයක් ලැබී ඇති අතර ඔවුන් සමග පැයකට වැඩි කාලයක් ගත කිරීමටද යෝෂිත රාජපක්ෂ මහතා පියවර ගනු ලැබීය.

නගර අලංකාරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් පියවර ඉතා සාර්ථක බවටත් යාපනයේ මෙන්ම උතුරේ තරුණ තරුණයින්ගේ දැඩි උනන්දුවක් නගර අලංකාරය වෙනුවෙන් දැක ගත හැකි බවටද මෙහිදී යාපනයේ චිත්‍ර අඳින තරුණ තරුණයින් යෝෂිත රාජපක්ෂ මහතාට පැවසූහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)