March 28, 2024

ලංකාවේ ලාබාලතම ලුතිනල් කර්නල්වරයා ලෙස රවීන්ද්‍ර මීගමආරච්චිට උසස්වීමක්

December 19, 2019

යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට පසුගියදා උසස්වීම් ලබාදීමේ දී ලංකාවේ ලාබාලතම ලුතිනල් කර්නල්වරයා ලෙස රවීන්ද්‍ර මීගමආරච්චි මහතා උසස්වීම් ලබන ලදී.

කලාකරුවකු ලෙසට ද ප්‍රකට රවීන්ද්‍ර මීගමආරච්චි මහතා ජනප්‍රිය ගායකයකු හා ගීත රචකයකු ද වෙයි .

ආසයි මං පියාඹන්න චිත්‍රපටයේ පැහැසර ඔබෙ ආදරේ ගීතය හොඳම චිත්‍රපට ගීත රචක ලෙස සරසවි සම්මාන 2010 නිර්දේශ විය.

ගී පද රචන, තනු නිර්මාණ, සංගීතය සහ ගායනය යන සියලු අංශවලින් කැපී පෙනෙන දක්ෂතා දක්වන ඔහුට ඉතාමත් කෙටි කාලෙකදි ඕනෑම මාතෘකාව ගීතයක් නිර්මාණ කිරීමේ හැකියාව පවතී.

පැහැසර ඔබෙ ආදරය ගීතයේ රචනා කාලය විනාඩි දහයකටත් නොවැඩිය. ශ්‍රී සුමංගල පිරිමි මහ විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා අනතුරුව යුද හමුදාවට එක්විය. ශ්‍රී සුමංගල විද්‍යාලය තේමා ගීතයද ඔහුගේ නිර්මාණයකි.  

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 December 2019 18:58