April 19, 2024

චිත්‍රවලිවන් හැඩවෙන දොඩංගොඩ (PHOTOS)

December 09, 2019

මේ දවස්වල ලංකාව පුරාම අපුරුම දෙයක් තමයි, පෝස්ටර්වලින් වැහිලා ගිය තාප්ප බිත්ති තරුණයන් අතින් පිරිසුදු කරලා, ඉතාමත් ආකර්ෂණීය සිතුවම්වලින් හැඩගැන්වෙන එක.

මේ විදියට හැඩගැන්වෙන තවත් තැනක් තමයි කළුතර දොඩංගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථානයේ පාලම.

මේ සිතුවම හැඩ ගැන්වෙන්නේ දොඩංගොඩ තරුණයන් අතින්. ඒ වගේ ම පාසල් ගුරුවරුන්, පාසල් සිසුන් සහ තවත් පිරිස් අතින්.

ඒෂියන් මිරර් අපි මේ තරුණ පිරිසගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ පෝස්ටර් සංස්කෘතිය නැති කිරීමත්, ඔවුන්ගේ ප්‍රදේශයේ ආකර්ෂණීයත්වය උදෙසාත් මෙම චිත්‍ර නිර්මාණය කරන බවයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංගයන්ට ප්‍රමුඛත්වය දී ඇති මෙම සිතුවම් අතර විවිධ වර්ණ රටා යොදා ගන්නා සිතුවම් ද ඇතුළත් බව ඔවුන් පවසා සිටියා.

තවමත් සිතුවම් නිර්මාණ වෙමින් තිබෙන අතර ඉදිරියේ කළුතර දොඩංගොඩ අධිවේගී මාර්ගයේ පි⁣ටවීමෙන් පිටව යන ඔබට දොඩංගොඩ තරුණ කැළගේ සොඳුරු සිතුවම් දැක ගැනීමට හැකිවනු ඇත.

Rate this item
(1 Vote)
Last modified on Monday, 09 December 2019 16:40