March 29, 2024

හැරී පෝටර්ගේ විස්මිත තොප්පිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් නිපදවති (PHOTOS)

December 02, 2019

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන , හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ , පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ  සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික්  තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට දිනා ගැනීමට සමත් වී සිටිති  .

ඒ.සී. ගම්මන්පිල , ඒ.පී.විජේසිංහ , ටී.එන්.වන්නිආරච්චි , ඊ.එම්.වී.එන්.අමාජීව , ඩී.වයි.ජයසිංහ සහ පී.රවීන්ද්‍ර එස්.ද .සිල්වා එම සිසුන් පිරිසයි. මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන්.

මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරින් ක්‍රියාත්මක වෙනවා . මෙම තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් ,  ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට , තොප්පිය තුල සවි කර ඇති සංවේදක මගින්  දැනුම් දෙනවා  .

ඊට අමතරව "ඔටිසම්" රෝගය වැළඳිය ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට භයයි . අකමැතියි .

එම දරුවන්ට මෙම "ඔටිසම්" රෝගී තත්ත්වය  වැළඳී ඇත්ද ,  නැද්ද යන්න  මුලින්ම අනාවරණය කරගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා .

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් , මෙම තොප්පිය පැළඳීමෙන් , ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා .

මෙම xi ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය  ඉකුත් නොවැම්බර් මස 26 දා සිට 29 දා තෙක් යුරෝපයේ ආසියාවේ සහ ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි සිසුන් පිරිස් සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ , මැඩ්රීඩ් නුවර පැවති අතර , එම  සියලුම සිසුන් ඉදිරිපත් කර නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ මෙම හැරී පෝටර් තොප්පිය ,  මෙම ජයග්‍රහණය දිනාගෙන තිබුණි .

මෙම සිසුන් පිරිස මෙම ජයග්‍රහණය ද රැගෙන , ඊයේ (01) රාත්‍රි 8.40 ට  ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන  ගුවන් යානයෙන් දරන ගුවන් යානයෙන් කටුනායක  ගුවන් තොටුපළ වෙත පැමිණි අතර,  ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් , එම  විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම ,එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරුන් ද ගුවන් තොටුපළ  වෙත පැමිණ සිටියහ .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)
Last modified on Monday, 02 December 2019 10:16