April 24, 2024

අතක් අහිමි පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිපද වූ පුතෙක් (PHOTOS)

September 18, 2019

මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු වසර දහයකට පෙර  ඔහුගේ පියාගේ වෙන්වුණු අත වෙණුවට කෘත්‍රිම අතක් සාර්ථකව නිපදවා තිබේ.

එස්.දුෂ්‍යන්තන් නැමති මෙම තරුණයා විශ්ව විද්‍යාල සිසුවකු වන අතර ඔහුගේ පියාගේ අත ටැක්ටරයක  බැත පාහින පංකාවකට හසු වී මීට වසර දහයකට පෙර වෙන් වී තිබේ.

කනපතිපිල්ලේ පද්මනාදන් නැමති  පියා වහාම මල්ලාවී රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුව මුලතිව් රෝහලට මාරු කොට යැවීමෙන් පසුව රෝහලේදී ඔහුගේ අත ශල්‍ය කර්මයක් මගින් කපා ඉවත් කොට තිබේ.

සිය පියාට කෘත්‍රිම අතක් සවි කිරීමට ගිය අවස්ථාවේදී ඒ සදහා විශාල මුදලක් අවශ්‍ය වූ නිසා කෘත්‍රිම අතක් සවි කිරීම පද්මනාදන් ගේ පවුලේ උදවියට සිහිනයක් වි ඇත.

පද්මනාදන්ගේ පුතා වූ දුෂ්‍යන්තන් එදා සිටම උත්සහ කොට ඇත්තේ කෙසේ හෝ සිය පියාට කෘත්‍රිම අතක් නිෂ්පාදනය කිරීමටය.

මේ පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුට සිය පියා වෙණුවෙන් කෘත්‍රිම අතක් නිෂ්පාදනය කොට සිය පියාට සවි කිරීමට ඔහුට හැකි වී තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 September 2019 14:05