March 29, 2024

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලේ ආදි සිසුවෙක් ලොව හොදම වෙබ් අදහස් ඇති පුද්ගලයන් 5 අතරට

September 12, 2019

I.M. රවිඳු දිල්ශාන් ඉලංගකෝන් මේ වන විට මුලු රටම හදුනන දක්ෂ පරිඝණක මෘදුකාංග ඉන්ජිනේරු වරයෙකි.

1996 නොවැම්බර් 26 දින තඹුත්තේගම දී උපත ලැබූ රවිඳු දිල්ශාන් මහතා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලේ ආදිශිෂ්‍යයෙකි.

සිංගප්පූරුවේ දී VIVO Web Community සංවිධානය කරනු ලැබූ නගර ඩිජිටල් කරනය පිලිබද අදහස් හා වෙබ් අදහස් තේරීමේ තරගාවලියේදී ඔහු විසි 2017 වර්ෂයේ ආරම්භ කරනු ලැබූ ඉ-නගරය ව්‍යාපෘතිය වන Thambuttegama.com නාගරික වෙබ් ව්‍යාපෘතිය මේ සදහා ඉදිරිපත් කරනු ලැබුවේය.

එම ව්‍යාපෘතිය ලොව හොදම වෙබ් අදහසක් ලෙසද ලොව හොදම වෙබ් අදහස් ඇති පුද්ගලයන් 5 අතරට තේරී පත් විය. ඒ සදහා සහතික පත් ප්‍රදානෝත්සවය පසුගියදා සිංගප්පූරුවේ දී පැවැත්වුනි.

Rate this item
(0 votes)