March 29, 2024

කාන්තාවන්ට හිරිහැර කරන අසහනකාරයන්ව හංවඩු ගහන්න අලුත් ක්‍රමයක් (VIDEO)

September 05, 2019

පොදු ප්‍රවාහන සේවයන්වලදී කාන්තාවන්ට සිදුවන අතවර සහ හිංසනයන් සිදු කරන අසහනකාරයන්ව හංවඩු ගහන්න අලුත් ක්‍රමයක් ජපානයේ ෂචිහාටා (Shachihata seal-maker) නම් මුද්‍රා නිර්මාණය කරන සමාගමක් සමත් වී තිබෙනවා.

ෂචිහාටා සමාගම මෙලෙස නිර්මාණය කර තිබුණේ විශේෂ මුද්‍රාවකි. මෙම මුද්‍රාව මඟින් පොදු ප්‍රවාහන සේවයන්වල දී හෝ පොදු ස්ථානවල දී කාන්තාවන්ට සිදුවන අතවර හෝ හිංසනයන් සිදු කරන පුද්ගලයන්ගේ ශරීරය හෝ ඇඳුම් ස්පර්ශ කළ විට,එම මුද්‍රාවේ තිබෙන විශේෂ සලකුණ ශරීරයේ හෝ ඇඳුමේ සටහන් වෙනවා. මෙම සලකුණේ විශේෂත්වය වන්නේ එය බාහිරයට නොපෙනීමයි. මෙම සලකුණ පිටතට පෙනෙන්නේ (UV black light) පාරජම්බුල කිරණ හරහා පමණයි.

පොදු ප්‍රවාහන සේවාවන් හා අනිකුත් ස්ථානයන් හිදී මෙලෙස අතවරයට හෝ හිංසනයට ලක්වන කාන්තාවන් බොහෝ විට එයට එරෙහි වන්නේ නැති තරම්.

නමුත් මේ තාක්ෂණය හරහා ඔවුන්ට යම් කිසි සහනයක් ලබා ගැනීමට හැකි බවයි එම මුද්‍රාව නිර්මාණය කළ ෂචිහාටා සමාගම නම් පවසන්නේ. තමන්ට හිරි හැර කළ පුද්ගලයා ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ප්‍රබල සාක්ෂියක් ලෙසත් මෙම මුද්‍රා සලකුණු සඳහන් කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ඉතින් මේ වැඩෙන් නම් අසහනකාරයන්ට ගැලවීමක් නොලැබෙන ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ. මෙම මුද්‍රාව ජපානයේ මුදලින් යෙන් ¥2,700 නැතිනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 4,586.50 ක් වෙනවා.

Rate this item
(1 Vote)