March 29, 2024

ජනපති ජන්ම දිනයට නිල නිවසේ සිදුකල පිංකම (PHOTOS)

September 03, 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 68වන ජන්ම දිනය නිමිත්තෙන් අද (03) දින ජනාධිපති නිල නිවසේදී මහා සංඝරත්නය 68 නමක් විෂයෙහි මහා සාංඝික දානමය පුණ්‍යකර්මයක් පැවැත්විණි.

රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍ය, ශ්‍රී කල්‍යානී යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක අතිපූජ්‍ය පහල පිටියල ජනානන්දාභිදාන ස්වාමීන් වහන්සේ, දික්හේන පොල්ගස්ඕවිට සේනාසනාධිපති මීතලාවේ විනීත ස්වාමීන්වහන්සේ, ශ්‍රී කල්‍යානී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී විචිත්‍ර ධර්ම කථික අතිපූජ්‍ය නාගොල්ලේ සෝමවංශ ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම දානයමය පිංකම සඳහා වැඩම කළහ.

එම දානමය පිංකමට ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

එම අවස්ථාවට අදාල ඡායාරූප පහතින්,

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 September 2019 20:18