April 20, 2024

නාමල් රාජපක්ෂ - ලිමිනි වීරසිංහ විවාහය සැප්තැම්බර් 17 වනදා

September 02, 2019

හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන විපක්ෂ නායකවරයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 17 වැනිදා ගල්කිස්ස හෝටලයේදී විවාහ දිවියට ඇතුලත් වීමට නියමිතය.

33 හැවිරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ මනාලිය වන්නේ ලිමිනි වීරසිංහ මෙනවියයි. 

ඇය ව්‍යාපාරිකයෙකු වූ තිලක් වීරසිංහ සහ අරුණි වීරසිංහ යන අයගේ දියණිය වේ. 

මේ මංගල්‍ය සඳහා දෙපාර්ශවයේ ඥාතීන්, හිතවතුන් මෙන්ම ඉහල පෙලේ දේශපාලඥයින්ද සහභාගී වීමට නියමිතය. 

මිට මාස 2කට පමණ පෙර සිය සොහොයුරෙකු වූ යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී නාමල් රාජපක්ෂ මහතා සිය පෙම්වතිය සමඟ පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටින ලදී.

Rate this item
(0 votes)