April 20, 2024

අභ්‍යාවකාශයේ සිදු වු අපරාධයකට ප්‍රථමවරට පෘථිවියේ දී නඩු අසයි

ලෝකයේ ප්‍රථමවරට අභ්‍යාවකාශයේ සිට කරන ලද අපරාධයකට නඩු ඇසීමට යන පුවතක් ගැන අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

අමෙරිකාවේ ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ සේවය කරමින් සිටි සමර් වෝර්ඩන්ගේ බැංකු ගිණුම තුළට පරිගණක පද්ධතියක් හරහා කවුරුන් හෝ ඇතුළු වන බව ඇයට සැක සීති තිබුණා. මේ සිදුවීම ගැන සොයා බැලීමට සිතූ සමර් ඇයගේ බැංකු ගිණුම පරික්සීම සඳහා ඇතුළත් වූ පරිගණක සහ ස්ථානයන් සොයා ගැනීම සඳහා දත්ත පරික්ෂා කර බැලීමට තීරණය කරනවා. එහි දී සමර්ට දැන ගන්නට ලැබී තිබුණේ ඇයගේ බැංකු ගිණුමට ඇතුළු වී ඇත්තේ නාසා ආයනයට අයත් පරිගණක පද්ධතියක් හරහා බවයි.

මෙම නාසා ආයතනයට අයත් පරිගණක පද්ධතිය සම්බන්ධ කර තිබුණේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටයි (ISS). සමර් කළ සොයා බැලීම්වලදී ඇයට දැන ගන්නට ලැබුණේ ඇයගේ හිටපු සහකාරීය වන ඇනා මැක් ක්ලේන් විසින් ඇයගේ ගිණුමට මෙලෙස ඇතුළු වී ඇති බවයි. ඇනා මැක් ක්ලේන් නාසා ආයතනයේ ගගනගාමීයෙකු ලෙසද සේවය කරමින් සිටිනවා.

ඇනා ඇය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටිය දී ඇයගේ හිටපු සහකාරීය වන සමර්ගේ ගිණුමට හොර රහසේ මෙලෙස ඇතුළු වී තිබුණේ ඔවුන් එකට සිටි සමයේ දී භාවිත කළ මුරපදය යොදාගෙනයි.
(ඇනා මැක් ක්ලේන් , සමර් ගෝඩ්න් තම දරුවා සමඟ)

ඇනා මැක් ක්ලේන් ඇය කළ දේ ගැන පවසා තිබුණේ ඇයගේ හිටපු සහකාරිය යහපත් මූල්‍ය තත්ත්වයකින් සිටිනවාද යන්න බලා ගැනීමට එලෙස සමර්ගේ ගිණුමට ඇතුළු වූ බවයි. නමුත් සමර් ඇනා කළ ක්‍රියාවට එරෙහිව පැමිණිලි කර තිබුණා.

මෙවැනි සිදුවීමක් සිදු වු ප්‍රථම අවස්ථාව හේතුවෙන් මෙම නඩු කටයුතු සඳහා අමෙරිකානු නීතිය බලපාන ආකාරය ගැන බොහෝ දෙනා අතර විවිධ මතවාද ඉදිරිපත් වී තිබුණා. පෘථිවියේ නීතිය අභ්‍යාවකාශයේ සිදු වු සිදුවීමක් සඳහා බලපාන ලෙස නීති සකස් වී නොතිබීම එයට හේතුව බවයි සඳහන් වන්නේ. එමෙන්ම මෙවැනි සිදුවීමක් සිදු වූ ප්‍රථම අවස්ථාවද මෙය වීමත් හේතු වී තිබුණා.

නමුත් ගෝලීය අභ්‍යාවකාශ නීතිය පිළිබඳ මධ්‍යස්ථානයේ සභාපති වන මාර්ක් සැන්ඩෙල් මහතා  පවසා තිබුණේ "එය අභ්‍යාවකාශයේ සිදුවු දෙයක් වුවත් එය නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නොවන බවයි" ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ යුරෝපීයානු, කැනේඩියානු, ජපන් සහ රුසියාව වැනි රටවල් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සහ අභ්‍යාවකාශ සම්බන්ධ කටයුතුවල නියැලී සිටියත් මෙවැනි අපරාධයක් කිසිදු දිනක සිදු නොවුණු බවයි. ඔහු තවත් පවසා තිබුණේ අභ්‍යාවකාශය තුළ මෙවැනි සිදුවීම්වල ආරම්භයත් මෙය විය හැකි බවයි. ඔහු ඒ ගැන සඳහන් කරමින් පවසා තිබුණේ "අභ්‍යාකාශය තුළ ගත කරන කාලය දිර්ඝ වීමේ දී, පෘථිවියේ දී සිදු කරන දේවල් එහිදි අප සිදු කිරීමට පෙළෙඹෙනු ඇති බවයි"

සමර් ගෝරඩන් සහ ඇනා මැක් ක්ලේන් 2014 වසරේ දී විවාහ වී සිටි අතර දරුවෙකු හදා ගැනීම සහ මූල්‍ය අර්බුදයන් වැනි ප්‍රශ්න කිහිපයක් මුලික කරගෙන දෙදෙනා දික්කසාද වී තිබුණා.

Rate this item
(1 Vote)