March 29, 2024

මිනිසාගේ වරදින් තුවාල ලැබූ තල්මහාට අනායාස මරණය ලබා දුන් හැටි

අධිවේගී බෝට්ටුවක ඉතාමත් තියුණූ අවරපෙත්තකට හසුව තල්මහා පැටවෙකුගේ වල්ගය කැපී ගොස් ඇති ආකාරය ඡායාරූපයට නගා තිබුණේ Francis Pérez විසින් ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලදී. මේ තල්මහා පැටවා ඉතාමත් අපහසුවෙන් පිහිනා යන ආකාරය ෆ්‍රැන්සිස්ගේ ඡායාරූපයෙන් දුටු සත්ත්ව සංවිධානයන් සහ ජලජ ජීවින් පිළිබඳව කටයුතු කරන සංවිධානයන් මේ තල්මහා පැටවාගේ ජීවිතය ගලවා ගැනීමට කළ හැකි දෙයක් ඇත්දැයි පරික්ෂා කරත් සිදුවු තිබූ තුවාලයන් දැඩි වූ නිසා එය අපහසු කටයුත්තක් බවට පත් වෙනවා.

මේ නිසා ඔවුන් සියලු දෙනා එක්ව මෙම තල්මහා පැටවා හට අනායාස මරණය (euthanasia) ලබා දීමට තීරණ කරනු ලබනවා. ඒ අනුව පර්යේෂකයන් පිරිසක් එක්ව මේ තල්මහා පැටවා හට එන්නතක් ලබා දී මරණයට පත් කරන්නේ එම තල්මහා පැටවා විඳින වේදනාවෙන් ගලවා ගැනීමේ අරමුණ ඇතිවයි.

සමුදුරු ආශ්‍රිතව ඡායාරූප ශිල්පියෙකු වූ Francis Pérez පවසා තිබුණේ "මගේ ජීවිතයේ සාගරයේ ගත කළ ශෝක ජනකම දිනය" ලෙසටයි.

සංචාරක කටයුතු සඳහා මෙන්ම විනෝදයට සාගරයේ ගමන් කරනා අධිවේගි යාත්‍රාවල පවතින ඉතාමත් තියුණු අවරපෙති හේතුවෙන් තල්මසුන් බොහෝ අවස්ථාවල මෙවන් ආකාරයේ අනතුරුවලට මුහුණ දෙන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)