March 29, 2024

චම්පික හා සජිත් හමුවේදී කතා කළේ මොනවාද?

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ‘සිංහාභිමානය’ - 'Mega Pride' ඡායාරූප ප‍්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කරූ ජයසූරිය මහතා පැමිණ තිබිණි.

එම අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා ද පැමිණ තිබිණි. ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා හා චම්පික රණවක මහතා අතර ඇති වූ කතාබහක ජායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක් විය.

ඒෂියන් මිරර් අප කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ සජිත් ප්‍රේමදාස මහතා ඡායාරූප ගැනීමට වඩාත් ප්‍රියතාවයක් ඇති බව පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත. එම අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත්තේ ඔහුගේ කිසිම අකමැත්තක් නැති බවත් තමන්ට ද ජායාරූප ගැනීමට ආසාවක් ඇති බවත්ය. 

Rate this item
(0 votes)