August 25, 2019

මුරලි ගැන චිත්‍රපටයකට විජේ එක්වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව නිර්මාණය වන චිත්‍රපටයක රඟපෑමට  ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නළු විජය සේතුපති එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

එම චිත්‍රපටයේදී මුරලිගේ චරිතය ඔහු රඟ දැක්වීමට නියමිතව තිබේ. ‘800’ ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටය හරහා මුරලිගේ ටෙස්ට් දිවියේ සුවිශේෂි කඩුලු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකිරිමට නියමිතව තිබේ.

දෙසැම්බර් මාසයේදී රූ ගත කිරීම් ආරම්භ කිරීමට නියමිතය.  මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාව, එංගලන්තය, ඉන්දියාව හා ලෝකයේ තවත් රටවල් කිහිපයක සිදුවීමට නියමිතය.

Rate this item
(0 votes)