April 20, 2024

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම් කරයි - පරිශීලකයන් මිලියනයක් නැති වෙයි (VIDEO)

බොහෝ දෙනෙකුගේ අවධානය සහ කතාබහට ලක්වු සංගීත ශිල්පියෙකු මෙන්ම ජනප්‍රිය සමාජජාල ක්‍රියාකරුවෙකු ද වන ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව ෆේස්බුක් සමාගම විසින් තහනමට ලක් කොට තිබේ.

අදාළ ෆේස්බුක් පිටුව තහනමට ලක් කරන විටත් එහි පරිශිලකයන් දස ලක්ෂයක් පමණ සිටි බවද සඳහන් වෙනවා.

ෆේස්බුක් පිටුවක් තහනමට ලක් කරන්නේ බොහෝ විට ෆේස්බුක් සමාගමේ ආචාර ධර්මයන් හා නීති රෙගුලාසිවලට පටහැනි වු අවස්ථාවකදී ය. එහිදී අදාළ ෆේස්බුක් පිටුවේ හිමිකරුට එය තහනමට ලක් කිරීමට හේතුව ද දන්නා සිටි. නමුත් ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනමට ලක් කිරීමට හේතුවක් අදාළ ආයතනය විසින් ඔහුට දන්වා නොමැති බව සඳහන් වෙන්නේ.

පසුගිය කාලය තුළ ඉරාජ් වර්තමාන ආණ්ඩු දැඩි ලෙස විවේචනයට ලක් කරමින් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා එම ආණ්ඩුවේ ම පිරිසක් මෙය පිටිපස ඇති බව ඉරාජ් විශ්වාස කරන අතර මේ සිදුවීම ගැන ඔහු ෆේස්බුක් ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් සඳහන් වෙනවා.

කෙසේවෙතත් ඉරාජ් නැවතත් ෆේස්බුක් පිටුවක් ආරම්භ කර ඇති බවත් සඳහන්.

Rate this item
(4 votes)
Last modified on Saturday, 06 July 2019 19:35