March 29, 2024

පාසල් රකින අම්මලා තාත්තලා

දරුවන් පාසැල් එවීමේදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා බොහෝ පාසල් වල දෙමව්පියන් එක්ව  පාසල් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ දඹුල්ල තිත්තවැල්ගොල්ල කණිෂ්ඨ විද්‍යාලයේ මව්වරුන් දෙදෙනෙකු සහ පියෙකු නිවාඩු දිනයේ පාසලේ ආරක්ෂාව සඳහා සිටි ආකාරයයි.

මෙම ආරක්ෂක දෙමව්පියන් කියා සිටියේ නිවාඩු දිනයන්හි දඹුල්ලේ පාසල් වල ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් විශේෂ ප්‍රභූ ආරක්ෂාව සඳහා මාතලේ ප්‍රදේශයේ ද පිටව ගිය නිසා දෙමාපියන්ට පමණක් ආරක්ෂාව පැවරී තිබෙන බවය.

දඹුල්ල ප්‍රදේශයේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කේ බොහෝ ප්‍රදේශ  වල පාසල් ආසිතව රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන් 01 දින   මාතලේ ප්‍රදේශයට විශේෂ රාජකාරි සඳහා කැඳවා තිබිණි.

උදේ 6.30 ට පාසැලේ මුරට එන දෙමව්පියෝ එක් කණ්ඩායමක් සවස 6.30 වනතුරු පාසලේ ආරක්ෂාව වෙනුවෙන් රැඳී සිට සවස 6.30 සිට පසුදා අලුයම 6.30 දක්වා තවත් කණ්ඩායමක් ලෙස පාසැලේ ආරක්ෂාව සපයන බව ද ඔවුහු කියති.

තමන්ගේ පාසල හා දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් රැකියාව පවා පසෙක දා අනෙකුත් කුඩා දරුවන් පසෙක දා මෙම වගකීම ඉටුකිරීමට පැමිණෙන බව දෙමාපියෝ කියති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)