March 29, 2024

පුංචි දරුවන්ගේ මුවඟට සිනහවක් එක් කළ අපූරු වැඩේ (PHOTOS)

පසුගියදා අපේ රටේ සිදු වූ බෝම්බ පිපිරීම් සහ අනෙකුත් ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා අපේ රටේ සියලුම දෙනා පිඩාවට පත් වුණා. ඒකට වයස්, ආගම් භේදයක් තිබුණේ නැහැ.

බොහෝ වෙලාවට දෙමව්පියන් තමන්ගේ දරුවන්ව පාසල් පවා නොයවා ගෙදර තියා ගන්න කටයුතු කළා. 

දැන් දරුවන්ව පාසල් යවන්න දෙමව්පියන් වැඩි පිරිසක් තීරණය කරලා තියෙනවා. පසුගිය දවසක අපි දැක්කා පොඩි දරුවෝ ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි පාසලට ඇතුල් වෙනකොට දරුවන්ට බෑග් ගේන්න කියලා තියෙන්නේ විනිවිද පෙනෙන ඒවා. සමහර දරුවෝ අඩමින් කිව්වා බෑග් එක නැතුව පොත් ගෙනියන්න බැහැ බරයි කියලා.

සමහර දරුවන්ගේ දෙමව්පියන්ට විනිවිද පෙනෙන බෑග් අරගෙන දෙන්න වත්කමක් නැහැ. ඒ කොහොම වුණත් මුහුණුපොතේ හරි අපූරු ජායාරූප වගයක් හුවමාරු වෙනවා. දරුවන්ව අපහසුතාවයට පත් නොකර මුවඟට සිනහවක් එක් කරමින් ශ්‍රී දේවානන්ද පාසලේ හරි අපූරු වැඩක් සිදු කෙරුණා.

Rate this item
(0 votes)