April 23, 2024

සමාජ ප්‍රගමනය උදෙසා සිදු කරන ලද සේවය වෙනුවෙන් ගෞරව නාම පිරි නැමේ

ජාතික සමගි සංගමය මගින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිත ලෝක සෞඛ්‍ය දිනයට සමගාමිව පසුගියදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වූ ගෞරව සම්මාන උලෙලේදි  ජාතික ආගමික සංස්කෘතික වෙද්‍ය සාහිත්‍ය කලා අධ්‍යාපන ව්‍යාපාරික සමාජ සේවා යන ජාතික පුනරුදයන් උදෙසා බුද්ධි මහිමය කුසලතාව සහ පොදුජන හිතසුව පිණිස ජීවිතය කැපකල උත්තරීතර පුද්ගලයින්ට ගෞරව සම්මාන පිරිනැමීම ජාතික සමගි සංගමයේ මුලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සම්මේලනය ජාත්‍යන්තර සංකලිත වෛද්‍ය වෘත්තියවේදීන්ගේ සංගමය එක්ව සිදු කරන ලදී.

එහිදී සමාජ ප්‍රගමනය උදෙසා සිදු කරන ලද සේවය වෙනුවෙන් ගාල්ල නෙළුව පදිංචි ප්‍රකට සිවිල් ක්‍රියාකාරියෙකු හා රාජ්‍ය සේවයකු වන නෙළුව සමථ මණ්ඩල සභාපති සාමවිනිසුරු කුමාර වික්‍රමාදර මහතා කීර්ති ශ්‍රී දේශබන්දු කළමනාකරණශූර යන ගෞරව නාමයෙන් පිදුම් ලබන ලදී.

Rate this item
(2 votes)