April 25, 2024

"සුළග අප රැගෙන යාවි" රිදී ජුබිලිය සමරයි

නුවන් ජයතිලක විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කළ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වී දින 50ක් සපුරයි.

කඳුකර ආශ්‍රිත තවලම් කණ්ඩායමක් සහ ඔවුන්ගේ ජන ජීවිතය මෙන්ම කුඩා ළමුන් දෙදෙනෙක් තම නිවසේ ගවයා සමඟ පවත්වන සම්බන්ධතාවය මෙම චිත්‍රපටය තුල කතාව ලෙස දිගහැරෙයි.

ප්‍රවීණ සාහිත්‍යවේදී සයිමන් නවගත්තේගම ශූරීන්ගේ දියණිය වන මායා නවගත්ගත්තේගමගේ කුළුදුල් සිනමා නිෂ්පාදනය වන සුළඟ අප රැගෙන යාවි ප්‍රධාන ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ අටක් නියෝජනය කරමින් තරගකාරී අවසාන අදියරේ හොඳම චිත්‍රපට අතරට ද නිර්දේශ වී තිබේ.

ජ්‍යෙෂ්ඨ රංගන ශීල්පිනී අයිරාංගනි සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල්, සුරංගා රණවක, දයාදේව එදිරිසිංහ, ඇතුළු නළු නිළියන් රැසක් සුළග අප රැගෙන යාවි චිත්‍රපටයේ රංගනයෙන් දායක වී සිටී. මෙම චිත්‍රපටයේ සංගීතය චිත්‍රාල් සෝමපාල ගෙනි. චිත්‍රපටය MPI සහ LFD මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වේ.

රටේ වත්මන් තත්වය හමුවේ, විවිධ කඩයිම් මැද්දේ නවක සිනමාකරුවෙක් ලෙස තම ප්‍රථම නිර්මානය සාර්ථක දින පනහ පසු කරමින් තිබීම ශ්‍රී ලංකාවේ සිනමාව තුල ලැබූ සුවිශේෂී කඩයිමකි. එය අපේ සිනමාවේ මතු දවස පිළිබදවද උද්යෝග කර වූ නිමිත්තකි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 10 May 2019 12:57